අද දින තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්රාව ලබා දී ප්‍රදේශයේ සිටින සියලූම දෙනාට එන්නත්කරනයේ පලමු මාත්රාව අවසන් කිරීම ගරු සභාපතිතුමාගේ උත්සාහය වේ

අද දින තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්රාව ලබා දී ප්‍රදේශයේ සිටින සියලූම දෙනාට එන්නත්කරනයේ පලමු මාත්රාව අවසන් කිරීම ගරු සභාපතිතුමාගේ උත්සාහය වේ

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්රාව ලබාදීමේදී පැමිනිමට නොහැකි අබාධිත අයගේ නිවසටම ගොස් එන්නත්කරනය සිදු කරන ලදි.
මෙම වැඩසටහන මෙහෙය වු අරක්ෂක අංශයට හා ගරු සභාපතිතුමා හට ජනතාවගේ ස්තූතිය හිමි විය

ඉන්දියානු සාගරයට මායිම්ව පිහිටි ශ්රී ලංකාවේ වැඩිපුරම නැරඹූ හා දෙවන විශාලතම ජාතික උද්යානය යාල ජාතික උද්යානයයි. මෙම උද්යානය කුට්ටි පහකින් සමන්විත වන අතර ඉන් දෙකක් දැන් මහජනයාට විවෘතව ඇති අතර යාබද උද්යාන ද ඇත
This page is under construction
This page is under construction
පළාත් පාලන ආයතනයකින් ඉටු විය යුතු සේවාවන් වැඩ සටහන් වශයෙන් වර්ගකර ඇත. මින් අංක 01 යටතේ ආයතනයේ පොදු පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවාවන් වෙන් කර ඇත. ප්‍රාදේශීය සභා පනතට අනුව, අදාල අනපනත් උපයෝගී කර ගනිමින්, වගකීම් ඉටුකිරීමේදී ප්‍රාදේශීය සභාව විසින් පිළිගත් කාර්යාල ක්‍රම පද්ධතියක් අනුගමනය කල යුතුවේ. තම බල ප්‍රදේශය තුල මෙහෙයවනු ලබන ප්‍රජා සේවාවන් කාර්යාල ඒකකයක් තුල දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන්ගේ එකඟතාවය තුල සැළසුම් කල කාර්යයන් මෙහෙයවීම පොදු පරිපාලනය වේ.
අදාල සේවාවන් සැළසුම් කිරීම, සංවිධානය කිරීම, මාණ්ඩලීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. සැලසෙන සේවාවන් මෙහෙයවීම තුල මුල්‍ය සම්පත් හා භෞතික සම්පත් මෙන්ම පිරිස් පාලනය ද සිදුවිය යුතුය. සියළු කාර්යන් මනාලෙස ඉටුකිරීමෙන් අනතුරුව, ප්‍රගති සමාලෝචන හා පසු විපරම් තුලින් නිසි ලෙස කාර්යන් මැන බැලීම ද ගැටළු අවම කරගනිමින් කාර්ය මණ්ඩල සේවාවන් මෙහෙයවීම ද මෙම වැඩ සටහනෙහි අරමුණ වේ.
මෙම සංවිධානයෙහි බලතල ඉහල සිට පහලට බෙදී ඇති ආකාරය සංවිධාන ව්‍යුහයක් තුලින් පෙන්වා දී ඇත. මහජන ඡුන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් අතුරෙන් සභාපතිවරයා ප්‍රාදේශීය සභා පනතට අනුව, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස විශේෂිත බලයක් හිමිව ඇත. තම බල ප්‍රදේශය තුල ජන ජීවිතයන්හි අවශ්‍යතා හඳුනාගැනීමෙන් ඒ හා මනා ඵලදායීතාවයක් හා කලට වේලාවට ක්‍රියාත්මක කිරීම තුලින් අපේක්‍ෂිත ඉලක්ක හා අරමුණු කරා ලඟා වීමත් ප්‍රධාන වගකීම වේ. මෙහිදී මනා ලෙස කාර්ය මණ්ඩල මෙහෙයවීමක් සිදු වන අතර, රාජකාරී පැවරීම අදාල අවස්ථාවන්හි දී ඔවුන් පුහුණු සඳහා යොමු කිරීම දිරි දීමනා සේවා සැලසීම හා පාලනය කිරීම පොදු පරිපාලනයෙහි අපේක්‍ෂාව වේ.
ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රජාවගේ රෝග නිවාරණය හා සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම මගින් වැඩ සටහන් අංක 02 යටතේ සෞඛ්‍ය සේවා වර්ගකර ඇත.
පළාත් පාලන ආයතන ක්‍රියාවලියන් ජනතා මහෝපකාරි සේවාවක් ලෙස මෙය හැඳින්විය හැක. සේවාවට සරිලන තරම් ජනතා ඇගයීමකට ලක් නොවන මෙම ආයතන ‘‘මිනිසාගේ උපතේ සිට විපත දක්වා මහෝපකාරි වන ආයතන’’ වශයෙන් උදාර පරමාර්ථ වලින් සැඳුම්ලත් ආයතන වේ.
සෞඛ්‍ය සේවාවන් නගා සිටුවීමේදී, පාරිසරික වශයෙන් කසල බැහැර කර කළමනාකරණය කිරීම ද, රෝග පැතිරයාමට ඇති ඉඩ වලකා ලමින් ද, රෝගී වූ ප්‍රජාව සඳහා ප්‍රතිකාර ක්‍රම ද අවශ්‍යක සේවා වශයෙන් සුසාන භුමි ආදාහනාගාර පද්ධති පවත්වා අදාල නඩත්තු කටයුතු ඉටු කිරීමෙන් ද ප්‍රජාවට මහඟු සේවාවන් සලසාදීම මෙම වැඩ සටහනෙහි ප්‍රධාන අරමුණය.
මෙම වැඩ සටහන යටතේ නොමිළයේ ප්‍රජාවට සැළසෙන සේවා
සෞඛ්‍ය සේවා යටතේ ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීම මගින් බල ප්‍රදේශයේ මෙම ප්‍රජා සේවාවන් ඉටු කිරීම සිදු කෙරේ
බල ප්‍රදේශය තුල ඇති ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් , ගොඩනැගිලි හා මංමාවත් නඩත්තු කර පවත්වාගෙන යාම ද අළුත්වැඩියාවන් කිරීම ද ප්‍රජාවගේ සංවර්ධන යෝජනා වෙනුවෙන් ක‍්‍රියාත්මක වීම ද මෙම වැඩ සටහනින් අපේක්‍ෂා කෙරේ.
අනිකුත් වැඩ සටහන් වෙනුවෙන් මෙන්ම මෙම වැඩ සටහන වෙනුවෙන් ද පසුගිය වසර අවසානයේ සැළසුම් කර ගන්නා ලද සංවර්ධන යෝජනා සැළැස්මක් අනුව, කටයුතු කිරීම මෙහි අරමුණ වේ. යන්ත්‍ර සූත්‍ර හා වාහන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනේ. මීට අමතරව මේවා කුලී පදනම මත යෙදවීම නිසා උපයන ආදායම ව්‍යාපෘතියේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා යොදවනු ඇත.
තවද, මන්ත්‍රී ප්‍රතිපාදන සහ පළාත් නිශ්චිත ආධාර යටතේ ග්‍රාමීයව මාර්ග සංවර්ධනය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබයි