පොදු උපයෝගීතා සේවා

ප්‍රජාවගේ එදිනෙදා ජන ජීවිතය වෙනුවෙන් උපයෝගී වන පොදු සේවාවන් සැලසීම මෙම වැඩ සටහන තුලින් අපේක්‍ෂා කෙරේ.

මේ යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදන අලෙවිය හා ජන ජීවිතයට අවශ්‍ය ආහාර භෝග සඳහා පොදු වෙළඳ පොල පහසුකම් සලසාදීම සිදු කෙරේ.

මේ සඳහා තිස්සමහාරාම , දෙබරවැව , පන්නගමුව යන වෙළඳ පොල වල් පවත්වාගෙන යනු ලබන අතර , වෙළඳාම් වල යෙදෙන ව්‍යාපාරිකයන්ට වෙළඳ කුටි ද සහිතව පුරනැගුම ආධාර යටතේ දෙබරවැව පොළ සංවර්ධනය කර ඇති අතර, දකුණු පළාත් ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිකල පන්නගමුව පොදු වෙළඳ පොල දැයට කිරුළ සංවර්ධන ප්‍රතිපාදන හරහා නවීකරණය කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරමින් පවතී. තිස්සමහාරාම නව දෙමහල් වෙඳළ සංකීර්ණය ද වෙළඳ ප්‍රජාවට මහත් පිටුවහලකි.

මහජන උපයෝගීතා සේවා යටතේ සභාව සතු පොදු ගොඩනැගිලි නඩත්තුව හා වීථි ආලෝක කිරීමේ කටයුතු ද මෙම වැඩසටහන යටතේ සිදුකරගෙන යනු ලබයි.

මෙහි ප්‍රධාන ආදායම වශයෙන් සඳහන් කල හැකි වන්නේ කඩ කාමර කුලී හා පොල බදුය. අදාල වෙළඳ පොලවල් වල නඩත්තු කටයුතු හා වැඩි දියුණු කිරීම් මෙම ආදායම් තුලින් ජනතා උපයෝගිතා සඳහා යොදාගනු ඇත.

සුභ සාධන සේවා

මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉටු කරනු ලබන සේවාවන් මෙම වැඩ සටහන තුලින් සැලසීම පරමාර්ථය වේ.

පාසැල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා ද වැඩිහිටියන් උදෙසා ද ඇති කල ඉතා පැරණි පුස්තකාල සේවාවක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ස්ථාපිත කර ඇත. ප්‍රජා සංවර්ධන නිලධාරි අධීක්‍ෂණය යටතේ පාඨක සමාජ හා ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව විශාල සමාජ මෙහෙවරක් ඉටුකිරීම මෙමගින් සිදුවේ.

අධ්‍යාපනික මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, නක්ෂත‍්‍ර ආදී ක්‍ෂෙත‍්‍රයන්ගෙන් පිරිපුන් පුස්තකාල සේවාව වෙනුවෙන් පොත් සපයනු හෝ සභා අරමුදලින් ඊට අමතරව, මන්ත්‍රී ප්‍රතිපාදන පරිත්‍යාග, ආධාර වෙනුවෙන් ලැබෙන පොතපත ද වේ. විවිධ මාධ්‍ය පුවත්පත්, සඟරා, කලා, සිනමා ආදී දෛනික පුවත් පත් ද සභා අරමුදලින් සපයනු ඇත.

කුඩා දරුවන් වෙනුවෙන් ස්ථාපිත කරන ලද ළමා පුස්තකාලය වයස අවු: 12 න් පහල සෑම කුඩා පාසැල් දරුවනටම විවෘතය.

සිඟිත්තන්ගේ පෙර පාසැල් අධ්‍යාපනය පිළිබඳව දැඩි කැපවීමෙන් කටයුතු කරන වැඩ පිළිවෙලක් ඇත. විවිධ ප්‍රසංග සඳහා පෙළ ගස්වන දරුවන් අතර, කුසලතා සහතික හා පරිත්‍යාගයන් ලබාදීම තුලින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට හා සමාශීලී පැවතුම් සඳහා අවස්ථා උදාකර ඇත.

සෞඛ්‍ය සම්පන්න ප්‍රජා මෙහෙවරක් ලෙස, ක්‍රීඩාගාර හා ක්‍රීඩා භුමි් ස්ථාපිත කර ඇත. කියවීමෙන්, දැණුමෙන් පිරිපුන් මිනිස් සමාජයක් හා මානසික ප්‍රබෝධයකින් පිබිදුනු යොවුන් පරපුරක් මෙන්ම සමාජ සත්කාරයක් ද මේ තුලින් අපේක්‍ෂා කරනු ඇත.