2026 පළාත් පාලන සතිය – සමාරම්භක උත්සවය 2026.09.14 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙලඳගොඩ මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමන්, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්, දේශපාලන නියෝජිතයින්, වෙළඳ ප්‍රජාවගේ හා මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙබරවැව පොළ භූමියේදී පැවැත්වීය.
තවද එදිනට යෙදී තිබූ ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය, තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතිය හා තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජංගම සේවාවන් පවත්වන ලදී.



