2026 පළාත් පාලන සතිය – සමාරම්භක උත්සවය

2026 පළාත් පාලන සතිය – සමාරම්භක උත්සවය 2026.09.14 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙලඳගොඩ මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමන්, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්, දේශපාලන නියෝජිතයින්, වෙළඳ ප්‍රජාවගේ හා මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙබරවැව පොළ භූමියේදී පැවැත්වීය.

තවද එදිනට යෙදී තිබූ ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය, තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතිය හා තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඒකාබද්ධව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ජංගම සේවාවන් පවත්වන ලදී.

 

 

2026 පළාත් පාලන සතිය – සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය

2026 පළාත් පාලන සතිය – සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව විසින් 2026.09.17 දින ගැබිණි මව්වරුන් සඳහා සංගීත චිකිත්සක වැඩසටහනක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පවත්වන ලද අතර ඒ සඳහා සම්පත්දායකත්වය රුහුණු සහෘදයෝ සංවිධානයේ කැඳවුම්කරු සංජය ද සිල්වා මහතා විසින් ලබාදෙන ලදී.

තවද මෙම වැඩසටහන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ හා තිස්සමහාරාම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

 

2026 පළාත් පාලන සතිය – ක්‍රීඩා ප්‍රවර්ධන දිනය

2026 පළාත් පාලන සතිය – ක්‍රීඩා ප්‍රවර්ධන දිනය සහ සමාප්ති උත්සවය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව විසින් කාර්ය මණ්ඩලය අතර සුහද එල්ලේ තරඟාවලියක් 2026.09.18 දින එන්.ටී.දයානන්ද ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

තවද මෙම තරඟාවලියෙන් පසුව පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සමාප්ති උත්සවය සඳහා ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, තිස්සමහාරාම විදුලි අධිකාරී රසික මහතා, තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත මහතා සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

 

2025 (2026) සිසු නිපුණතා වැඩසටහනට පැමිණෙන දූ දරුවන්ට අවශ්‍ය වන නේවාසික පහසුකම් ලබාදෙන දෙබරවැව ජාතික පාසල, ජනාධිපති විද්‍යාලය, තිස්සමහාරාම මහා විද්‍යාලය, පන්නගමුව විද්‍යාලය, මැදවැලෑන විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය යන විද්‍යාල සඳහා අවශ්‍ය වන මූලික පහසුකම් සුදානම් කිරීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව විසින් සිදුකරන ලදී.

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිළිගැනීම 2025.06.02 දින සිදුකරන ලදී.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපති, එච්.එල්.ජයසිරි මහතා සහ උප සභාපති ආර්.රජිත ප්‍රියදර්ශන මහතා ඇතුළු අභිනව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිළිගැනීම 2025.06.02 දින සිදුකරන ලදී.

TPS CHAMPIONS TROPHY 2025 සුහද ක්‍රිකට් තරගාවලිය

“පලාත් පාලන සතිය – 2025” වැඩසටහනට සමගාමිව රාජ්‍ය ආයතන අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් 2025.09.21 වන දින පවත්වනු ලැබු TPS CHAMPIONS TROPHY 2025 සුහද ක්‍රිකට් තරගාවලියෙන් රාජ්‍ය ආයතන 06 ක් අතුරින් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ශූරතාවය හිමිකර ගන්නා ලදී