2026 පළාත් පාලන සතිය – ක්‍රීඩා ප්‍රවර්ධන දිනය සහ සමාප්ති උත්සවය වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව විසින් කාර්ය මණ්ඩලය අතර සුහද එල්ලේ තරඟාවලියක් 2026.09.18 දින එන්.ටී.දයානන්ද ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
තවද මෙම තරඟාවලියෙන් පසුව පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සමාප්ති උත්සවය සඳහා ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, තිස්සමහාරාම විදුලි අධිකාරී රසික මහතා, තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත මහතා සහ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.






