දැන්වීමයි.
01. තිස්සමහාරාම බස් නැවතුම්පොළ ඉදිරිපිට බහු කාර්ය ගොඩනැගිල්ලේ බිම් මහල තුළ පිහිටි කඩ
කාමර 48 සහ පන්නෙගමුව නව ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 28 බදු දීම සඳහා මා විසින්
2023 ජනවාරි මස 04 සිට 2023 ජනවාරි මස 26 දින පෙ.ව. 10.00 දක්වා ටෙන්ඩර්පත් භාර ගනු
ලැබේ. මෙම කඩ කාමර 2023 ජනවාරි මස 18 සහ 19 යන දින දෙක තුළ පෙ.ව. 10.00 සිට ප.ව.
3.00 දක්වා පරීක්ෂා කර බැලීම සිදු කළ හැකිය.
02. ටෙන්ඩර් පෝරම රු. 2,000.00 ක ගාස්තු මුදලක් ගෙවා (නැවත නොගෙවන) 2023 ජනවාරි මස
04 වන දින සිට 2023 ජනවාරි මස 26 වන දින ප.ව. 03.00 දක්වා (සතියේ දිනවල පෙ.ව. 10.00
සිට ප.ව. 3.00 දක්වා) කාලය තුළ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත
හැකිය.
03. කඩ කාමර එකකට එක් ටෙන්ඩර් පෝරම කට්ටලය බැගින් ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ යුතු අතර,
වැඩි විස්තර ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් හෝ 047-2237275 දුරකතන අංකය මගින් ලබා
ගත හැකිය.
04. නිසි ලෙස සම්පුර්ණ කරන ලද ටෙන්ඩර් පෝරම රු. 25,000.00 ක ඇප සුරැකුම් ද සමඟ 2023
ජනවාරි මස 27 දින පෙ.ව. 10.00 ට පෙර ලි.ප.තැ මගින් හෝ සභා කාර්යාලය තුළ ඇති ටෙන්ඩර්
පෙට්ටිය වෙත බහාලීම මගින් ඉදිරිපත් කළ හැකි අතර, එදිනම පෙ.ව. 10.30 ට ලංසුපත් විවෘත
කිරීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී සිදු කෙරේ.
සභාපති,
ඩබ්ලිව්.ජී. උපුල්,
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.