1987 අංක 15 දරණ පනතේ 146(1) වන උප වගන්තිය යටතේ තිස්සමහාරාම ප්රාශීය සභාව වෙත පැවරී ඇති බලතල ප්රකාරව ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 392/20 හා 1986.03.04 දිනැති අති විශේෂ ගැසට් පත්රය මගින් ප්රාදේශිය සභා බල ප්රදේශය තුල දියුණු කළ ප්රදේශ යැයි ප්රකාශ කර ඇත්තා වූ , ප්රදේශය ඇතුලත පිහිටියා වූ නිවාස වල, ගොඩනැගිලිවල, ඉඩම්වල,ගෙපත්වල වාර්ෂික වටිනාකම සදහා 2007 වර්ෂය සදහා වූ හා ප්රවර්ථන වර්ෂය 2023 වර්ෂය සදහා සම්මත කළ යුතු බවටත්, එකී තක්සේරුව මත 1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනත යටතේ 134(1) උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්රකාර එකී දේපල මත ඉහත කී තක්සේරුව සදහා වාර්ෂික වටිනාකමින් 7% ක වාර්ෂික වරිපනම් බද්දක් පනවා අය කළ යුතු බවටත්,
තවද 2023 වර්ෂයෙන් පහත සදහන් එක් එක් කාර්තු වෙනුවෙන් ඉදිරියෙන් නිරූපිත දිනයට පෙර වාර්ෂික වරිපනම් බද්ධ තිස්සමහාරාම ප්රාදේශීය සභා අරමුදලට ගෙවිය යුතු බවටත් , එලෙස වාර්ෂික වරිපනම් බද්ධ 2023 වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට ප්රථම ගෙවන්නේ නම්, වාර්ෂික වරිපනම් බද්දෙහි ප්රමාණයෙන් 10% ක වට්ටමක් ද එකී උප ලේඛනයේ එක් එක් කාර්තුව ඉදිරියෙහි 3 වන තීරයේ නිරූපිත දිනයට පෙර අදාළ වරිපනම් බදු මුදල සභා අරමුදලට ගෙවනු ලබන්නේ නම්, එක් කාර්තුවකට අදාළ මුදලින් 5 % ක වට්ටමක් ද තිස්සමහාරාම ප්රාදේශීය සභාව ලබා දිය යුතුය.
කාර්තුව | ගෙවිය යුතු දිනය | 5% වට්ටම් සදහා හිමිකම් ලබන අවසාන දිනය |
---|---|---|
පළමු කාර්තුව | 2023.03.31 | 2023.01.31 |
දෙවන කාර්තුව | 2023.06.30 | 2023.04.30 |
තුන් වන කාර්තුව | 2023.09.30 | 2023.07.31 |
හතරවන කාර්තුව | 2023.12.31 | 2023.10.31 |