කිරින්ද විහාරය

කිරින්ද රජමහා විහාරය යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට පෙනෙන ගල් කන්දක් මුදුනේ පිහිටි පුරාණ විහාරයකි. එය අවට වෙරළ, සාගර, වැලි කඳු, කිරින්ද ධීවර වරාය සහ තවත් බොහෝ දේ පිළිබඳ සුන්දර දර්ශන ලබා දෙයි.

 

 

තිස්ස වැව

තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, තිස්සමහාරාමය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. තිස්ස වැව 3 වෙනි ශත වර්ෂයේ දී රුහුණේ රජකම් කල මහානාග රජතුමා විසින් ඉදිකරන ලදැයි සැළකේ. ඉන්පසුව 1871 දී නැවත ප්‍රතිසංශ්කරණය කරන ලද තිස්ස වැව අද දවසේ අක්කර 652 ප්‍රමාණයක විහි දී තිබේ. තිස්සමහාරාම ප්‍රෙද්ශයේ ඉතා විශාල කුඹුරු යායවල් සඳහා ජලය සපයන තිස්ස වැව තිසිසමහාරාම ප්‍රෙද්ශයේ ජනතාවට වටිනා සම්පතකි. තිස්ස වැවෙහි වැව් බැම්ම ඉතා මනරම් ලෙස භූමි අලංකරණය කර තිබෙන අතර වැව් බැම්මෙහි ඇති සුවිසල් වෘක්ෂ වැවට එක් කරනුයේ අභිමනවත් බවකි. නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී පවතින තිස්ස වැව ස්නිනය සඳහා ප්‍රසිද්ධ ස්ථානයකි.

 

තිස්සමහාරාම රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල තිස්සමහාරාමයේ පිහිටා තිබේ. විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රහුණේ කාවන් තිස්ස රජු විසින් ඉදිකරවන ලද්දකි. මෙම තිස්සමහාරාම පුදබිම, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙයි.

තිස්සමහාරාම රජ මහා විහාර පරිශ්‍රයේ ඉදිකොට ඇති තිස්සමහාරාම දාගැබ, ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති විශාලතම දාගැබ් අතුරින් එකක් වෙයි. එය බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇත.

සඳගිරි විහාරය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම රුහුණ මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බව ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම රුහුණු ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන්ම  ශ්‍රී ලංකාවේ වැදගත් ජනාවාසයක්ව තිබී ඇති බව වංශ කතාවල කියවේ. බුදු රජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනේදී උන්වහන්සේ තිස්සමහාරාමයට වැඩමකොට එහි නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි බව ධාතු වංශයේ සඳහන්ය. දෙවන පෑතිස් රජතුමා ශ්‍රී මහා බෝධි දෙතිස් ඵලරුහ බෝධි ශාඛාවක් තිස්සමහාරාමයේ රෝපණය කල බව බෝධිවංශයේ සඳහන්වේ.