තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු කොම්පෝස්ට් මධ්යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීමේ ගාස්තු 2026 වර්ෂය සඳහා පහත පරිදෙි වේ.
|
සංශෝධන ගාස්තුව |
| කොම්පෝස්ට් පොහොර කිලෝ ග්රෑම් 01 (01 kg) |
රු. 20.00 |
| බෑග් සඳහා |
50kg |
රු. 100.00 |
| 25kg |
රු. 75.00 |
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු වැසිකිළි හා නාන ස්ථාන සඳහා පහත දැක්වෙන පරිදි 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| අනු අංකය |
ස්ථානය |
අය කරන ලද මුදල (රු) |
| 01 |
තිස්ස පුජා නගර වැසිකිළිය |
එක් පුද්ගලයෙකුගෙන් රු. 30.00 ක මුදලක් අය කරනු ලබයි |
| 02 |
තිස්ස බස්නැවතුම්පොළ නව වැසිකිළිය |
| 03 |
අකුරුගොඩ හන්දියේ වැසිකිළිය |
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු ගලි බවුසරයේ සේවා ලබා දීම සම්බන්ධව පහත දැක්වෙන පරිදි, 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| අනු අංකය |
|
ගාස්තුව |
| I. |
එක් බවුසරයක් ඉවත් කිරීම තිස්සමහාරාම ප්රදේශය තුළ නේවාසික ස්ථානයක
(කි.මී. 40 ඇතුළත)
කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා |
රු. 9,000.00
රු. 130.00 |
| II. |
තිස්සමහාරාම ප්රදේශය තුළ වාණිජ ස්ථානයකඑක් බවුසරයක් ඉවත් කිරීම සඳහා
(කි.මී. 40 ඇතුළත) |
රු. 12,000.00 |
| III. |
තිස්සමහාරාම ප්රදේශයෙන් පිටත නේවාසික ස්ථානයක් සදහා
කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා |
රු. 10,500.00
රු. 130.00 |
| IV |
තිස්සමහාරාම ප්රදේශයෙන් පිටත වාණිජ ස්ථානයක් සදහා
කි.මී. 40 ට වැඩි වන සෑම කි.මී 01 ක් සදහා |
රු. 13,000.00
රු. 130.00 |
ලීටර් 6000 (6000l) ජල බවුසරයේ සේවාව ලබා දීම වෙනුවෙන් ගාස්තු අය කිරීම – 2023 වර්ෂය
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු ලීටර් 6000 (6000l) ජල බවුසරයේ සේවාව ලබා දීම සම්බන්ධව පහත දැක්වෙන පරිදි, 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| |
ගාස්තුව |
| පළමු කිලෝ මීටර් 01 සිට කිලෝ මීටර් 30 දක්වා |
රු. 3,500.00
|
| පළමු කි.මී. 30 සිට වැඩි වන සෑම කිලෝ මීටරයකටම |
රු. 120.00
|
ලීටර් 8000 (8000l) ජල බවුසරයේ ගාස්තු අය කිරීම – 2023 වර්ෂය
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු ලීටර් 8000 (8000l) ජල බවුසරයේ (ගිණි නිවීමට හැකි වන පරිදි සකස් කර ඇති) සේවාව ලබා දීම සම්බන්ධව පහත දැක්වෙන පරිදි, 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| |
පෙර පැවති ගාස්තුව |
| බල ප්රදේශය ඇතුළත බවුසරය ලබා දීම (දිනකට) |
රු. 15,000.00
|
| බල ප්රදේශයෙන් පිටත බවුසරය ලබා දීම (දිනකට) |
රු. 20,000.00 |
සංශෝධිත කොටස
අමතර ජල බවුසර් ලබා ගන්නේ නම්:
- එක් ජල බවුසරයකට රු. 250.00 බැගින් හා පළමු කිලෝ මීටර් 01 සිට කිලෝ මීටර් 50 දක්වා – රු.1,000.00
- කි.මී. 50 සිට වැඩි වන සෑම කිලෝ මීටරයකටම-රු.120.00
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු රථවාහන බදු දීම වෙනුවෙන් පහත සඳහන් පරිදි 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
| අනු අංකය |
රථවාහන වර්ගය |
ගාස්තුව |
| 01 |
මෝටර් ග්රේඩරය |
රු. 8,000.00
මීටර් පැයකට |
| 02 |
බැකෝ යන්ත්රය |
රු. 5,500.00
මීටර් පැයකට |
| 03 |
ටොන් 8-10 වයිබ්රේටිං රෝල |
රු. 5,500.00
මීටර් පැයකට |
| 04 |
කියුබ් 2 ½ ටිපර් රථය |
රු. 18,000.00
දිනකට |
තිස්සමහාරාම ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ පවත්වාගෙන යනු ලබන ව්යාපාරික ස්ථාන වලින් කසළ ඉවත් කිරීමේ සේවාව වෙනුවෙන් පහත දැක්වෙන පරිදි 2023 වර්ෂය සඳහා ගාස්තු අය කිරීම.
|
ගාස්තුව |
| කාමර 04 ක් හෝ ඊට අඩු දිනකට |
රු. 650.00 |
| කාමර 05-10 ත් අතර දිනකට |
රු. 800.00 |
| කාමර 11-15 ත් අතර දිනකට |
රු. 900.00 |
| කාමර 16-20 ත් අතර දිනකට |
රු. 1,000.00 |
| කාමර 21-25 ත් අතර දිනකට |
රු. 1,250.00
|
| කාමර 26 හෝ ඊට වැඩි දිනකට |
රු. 2,000.00 |
| වෙනත් ව්යාපාරික ආයතන සඳහා දිනකට |
රු. 750.00
|
අවම වශයෙන් සතියකට දින 02 ක් කසළ ඉවත් කිරීමේ සේවාව ලබා ගත යුතුය.
2023 වර්ෂයේදී තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු තිස්සමහාරාම මහසෙන්පුර ආදාහනාගාරයේ ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීම.
- තිස්සමහාරාම ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ වු මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් ගාස්තුව-රු.18,400.00
- තිස්සමහාරාම ප්රාදේශීය සභා බල ප්රදේශයෙන් පිටත වු මෘත දේහයක් ආදාහනයක් සිදු කිරීම වෙනුවෙන් ගාස්තුව – රු. 20,000.00
තිස්සමහාරාම ප්රාදේශීය සභාව සතු තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ සහ කිරින්ද රථවාහන නැවතුම්පොළ සඳහා පහත දැක්වෙන පරිදි, 2023 වර්ෂයට ගාස්තු අය කිරීම.
- තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ
|
ගාස්තුව |
| ලොරි රථ, බස් රථ සඳහා |
රු. 100.00
|
| වෑන් රථ සඳහා |
රු. 80.00
|
| මෝටර් රථ සඳහා |
රු. 50.00
|
| ත්රීවිල් රථ සඳහා |
රු. 30.00
|
- කිරින්ද රථවාහන නැවතුම්පොළ
|
ගාස්තුව |
| ලොරි රථ, බස් රථ සඳහා |
රු.100.00
|
| වෑන් රථ සඳහා |
රු. 80.00
|
| මෝටර් රථ සඳහා |
රු. 50.00
|
| ත්රීවිල් රථ සඳහා |
රු. 30.00
|
බදු මුදල් ආඥා පනතේ 2 වන වගන්තියේ i වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්රකාරව තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ පරිපාලන සීමාව ඇතුළත වු ප්රදේශයන්හි පවත්වනු ලබන විනෝද කටයුත්තකට ඇතුළත් වීම සඳහා කරන ලද ගෙවීම් වලින් පහත දැක්වෙන ආකාරයට 2023 වර්ෂයට විනෝද බදු අය කිරීම.
- ප්රේක්ෂකයන්ගෙන් මුදල් අය කර ප්රදර්ශනය කරනු ලබන චිත්රපට සංදර්ශනයක් සඳහා සියයට හතයි දශම පහක (7.5%) විනෝද බද්දක් පැනවීම.
- මුදල් අය කොට, පවත්වනු ලබන සංගීත සංදර්ශන හෝ වෙනත් ඕනෑම විනෝද කටයුත්තක් සඳහා සියයට විස්සක (20%) බද්දක් පැනවීම.
1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතේ අංක 122 හා 126 vii ඊ වගන්ති වලින් පැවරී ඇති බලතල අනුව 1988.08.23 දින ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජයේ 527/7 දරණ අති විශේෂ ගැසට් පත්රයේ iv (ආ) කොටස මඟින් ප්රසිද්ධ කරන ලද 1952 අංක 06 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්යවස්ථා) පනතේ 02 වන වගන්තියේ 01 වන උප වගන්තිය අනුව, විෂය භාර අමාත්යවරයා විසින් පනවා ඇති සම්මත අතුරු ව්යවස්ථා මාලාවේ 39 වන අතුරු ව්යවස්ථා ප්රකාරව 2023 වර්ෂය සඳහා බල ප්රදේශයේ ප්රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරු සඳහා පහත දැක්වෙන ගාස්තු නියමයන් අනුව, දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම.
-
- පවත්නා වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා, බිත්තියක හෝ පුවරුවක ප්රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීමක් සඳහා වර්ග අඩියකට රු. 100.00 බැඟින් වු ගාස්තුවක්.
- රෙදි හෝ ඉටි රෙදි භාවිතා කරනු ලබන දැන්වීමක් සඳහා මාසයක් හෝ ඉන් කොටසක් සඳහා වර්ග අඩියකට රු. 30.00 බැඟින් වු ගාස්තුවක්.
- කඩදාසියේ මුද්රිත දැන්වීමක් මාසයක් හෝ ඉන් කොටසක් ප්රදර්ශනය කිරීම සඳහා වර්ග අඩියකට රු. 5.00 බැඟින් වු ගාස්තුවක්
- පවත්නා වර්ෂයේ දෙසැම්බර් මස 31 දින දක්වා, බිත්තියක හෝ පුවරුවක ප්රදර්ශනය කරනු ලබන ඩිජිටල් දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියකට රු. 1,500.00 බැඟින් වු ගාස්තුවක් අය කිරීම.