දැන්වීමයි.
තිස්සමහාරාම ප්රාදේශීය සභාවට අයත් බහුකාර්යය ගොඩනැගිල්ලේ බිම්
මහලේ පිහිටි කඩ කාමරය සඳහා ඉදිරිපත් කරන ලද ටෙන්ඩර්පත් අතුරින්
වැඩිම ලංසු මුදල ඉදිරිපත් කරන ලද ටෙන්ඩර්කරුවන් වෙත කඩ කාමරවල
බදු අයිතිය ලබා දීමට තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ ටෙන්ඩර් මණ්ඩලය
තීරණය කර ඇත.
කඩ කාමර බදු අයිතිය ලබා දීමට අදාළව, ගෙවිය යුතු එක්වන් මුදලින් (Key
money) හරි අඩක් තිස්සමහාරාම මහජන බැංකුවේ අංක 061200130047030
දරණ ගිණුමට බැර කර ඊට අදාළ ලදුපත 2023.03.08 දිනට පෙර ප්රාදේශීය
සභාව වෙත ලිඛිතව භාර දිය යුතුය.
නව බදු ගිවිසුම් පත් අත්සන් කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනෙකු සමඟ 2023-
03-13 හා 14 යන දෙදින තුළ පහත සඳහන් ලිපි ලේඛන රැගෙන
තිස්සමහාරාම ප්රාදේශීය සභාව වෙත පැමිණෙන ලෙස කාරුණිකව දන්වා
සිටිමි.
- ඔබගේ ජාතික හැඳුනුම් පත්රය සහ ජායා පිටපත
- සාක්ෂිකරුවන්ගේ ජාතික හැඳුනුම් පත්ර සහ ජායා පිටපත්
එක්වන් මුදලින් ඉතිරි මුදල සමාන වාරික පහකින් එනම් , 2023-07-31 දිනට
පෙර ගෙවීම් සිදුකර අවසන් කළ යුතුය.
සභාපති ,
ඩබ්.ජී. උපුල් ,
තිස්සමහාරාම ප්රාදේශීය සභාව.
සැ: යු:
මෙම කඩ කාමරය සඳහා ගිවිසුම්පත් අත්සන් කිරීම සිදුකළ ද, අදාළ එක්වන්
මුදල (Key money) ගෙවීම් අවසන් කිරීමෙන් පසු පමණක් බදු අයිතිය සඳහා
වන ගිවිසුම් පත්ර, ලබාදීමට කටයුතු කරන බවත් නියමිත කාල සීමාව තුළ
නිසි පරිදි එක්වන් මුදලට අදාළ වාරික මුදල් ගෙවා නිම කිරීමට අපොහොසත්
වන්නේ නම් බදු අයිතිය ඔබ වෙත ලබා නොදීමට කටයුතු කරන බවත්
වැඩිදුරටත් දන්වා සිටිමි.