දෙස් විදෙස් සංචාරකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වු තිස්සමහාරාම
නගරයේ සුන්දරත්වය තිව්ර වීමට එක් සාධකයක් ලෙස තිස්සමහාරාම වැව
හැදින්විය හැකිය. ඈත සිට හමා එන සිසිල් මද නළ සැමගේ විඩාව සංසිදුවන
නිසා, තිස්සමහාරාම පුරවරයට පැමිණෙන සියළු දෙනා ගිමන් හරින්නට තෝරා
ගන්නේ තිස්ස වැව් තාවුල්ලයි. තිස්ස වැව මධ්‍යයේ පිහිටි සුන්දර කුරුළු දුපත
නැරඹීම සඳහා මෙහි පැමිණෙන සියළු දෙනා පාහේ බෝට්ටු සවාරියේ යති.
අඳගලවැල්ල වෙරළ තීරය
තිස්සමහාරාමයට, කතරගමට සංචාරය සඳහා පැමිණෙන
බොහෝ දෙනෙකුගේ තවත් එක් නවාතැනකි කිරින්ද
විහාරස්ථානය.
කිරින්ද වෙරළ තීරය ආසන්නයේ කිරින්ද විහාරස්ථානය පසු
කරමින් කිලෝ මිටර් 04 ක් පමණ ඉදිරියට ගියවිට
අඳගලවැල්ල නමින් හදුන්වන මෙම අලංකාරවත් සුන්දර
ආරක්ෂාකාරි ස්වාභාවික තටාකයක් ලෙසින් ඇති මෙම
ස්ථානය ආරක්ෂාකාරි දිය නෑමකට සුදුසුම ස්ථානයකි.
සුන්දර කඩොලාන පරිසරයකින්ද, යොධ වැවෙන් පැමිණෙන
ඇල මාර්ගය මුහුදට වැටෙන මොය කටද පිහිටීම නිසාද
මෙම ස්ථානය තවත් අලංකාරවත් වී ඇත.