වරිපනම් බදු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ පනතේ 146(1) වන උප වගන්තිය යටතේ තිස්සමහාරාම ප්‍රාශීය සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 392/20 හා 1986.03.04 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල දියුණු කළ ප්‍රදේශ යැයි ප්‍රකාශ කර ඇත්තා වූ , ප්‍රදේශය ඇතුලත පිහිටියා වූ නිවාස වල, ගොඩනැගිලිවල, ඉඩම්වල,ගෙපත්වල වාර්ෂික වටිනාකම සදහා 2007 වර්ෂය සදහා වූ හා ප්‍රවර්ථන වර්ෂය 2023 වර්ෂය සදහා සම්මත කළ යුතු බවටත්, එකී තක්සේරුව මත 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 134(1) උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර එකී දේපල මත ඉහත කී තක්සේරුව සදහා වාර්ෂික වටිනාකමින් 7% ක වාර්ෂික වරිපනම් බද්දක් පනවා අය කළ යුතු බවටත්,

තවද 2023 වර්ෂයෙන් පහත සදහන් එක් එක් කාර්තු වෙනුවෙන් ඉදිරියෙන් නිරූපිත දිනයට පෙර වාර්ෂික වරිපනම් බද්ධ  තිස්සමහාරාම ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවිය යුතු බවටත් , එලෙස වාර්ෂික වරිපනම් බද්ධ 2023 වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම්, වාර්ෂික වරිපනම් බද්දෙහි ප්‍රමාණයෙන් 10% ක වට්ටමක් ද එකී උප ලේඛනයේ එක් එක් කාර්තුව ඉදිරියෙහි 3 වන තීරයේ නිරූපිත දිනයට පෙර අදාළ වරිපනම් බදු මුදල සභා අරමුදලට ගෙවනු ලබන්නේ නම්, එක් කාර්තුවකට අදාළ මුදලින් 5 % ක වට්ටමක් ද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලබා දිය යුතුය.

කාර්තුව ගෙවිය යුතු දිනය  5% වට්ටම් සදහා හිමිකම් ලබන අවසාන දිනය
පළමු කාර්තුව 2023.03.31 2023.01.31
දෙවන කාර්තුව 2023.06.30 2023.04.30
තුන් වන කාර්තුව 2023.09.30 2023.07.31
හතරවන කාර්තුව 2023.12.31 2023.10.31

සංචාරක ලියාපදිංචි හෝටල් වලින් 1% ක ගාස්තුවක් අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වන මඟින් හා 2017.06.09 දිනැති අංක 2023 ගැසට් පත්‍රය මඟින් පිළිගන්නට යෙදුණු 1952 අංක 06 දරණ (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 2 වන වගන්තියේ I වන උප වගන්ති ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇති අතුරු ව්‍යවස්ථා මාලාවේ 13.14 අතුරු ව්‍යවස්ථාවන් මඟින් නිරූපිත හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි ස්ථානයන්ගෙන් අතුරු ව්‍යවස්ථා මාලාවන්හි සඳහන් පරිදි වෙළඳ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එම ස්ථානයේ ප්‍රවර්තන වර්ෂයට පෙර වර්ෂයේ ආදායමින් 1% ක ප්‍රමාණයක් අය කර 2023 වර්ෂය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම.

 

 

කර්මාන්ත බදු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 150(I) වගන්තිය මඟින් පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ඒ ස්ථානවල වාර්ෂික වටිනාකම පදනම් කර ගනිමින් පහත උපලේඛනයෙහි දක්වා ඇති ස්වභාවයේ කර්මාන්ත වෙතින් උපලේඛනයෙහි දක්වා ඇති ආකාරයට වෙළඳ බද්දක් 2023 වර්ෂය වෙනුවෙන් අය කිරීම.

අනු අංකය බදු ස්වභාවය වාර්ෂික වටිනාකම රු. 750.00 ට නොවැඩි වාර්ෂික වටිනාකම රු. 750.00 සිට රු. 1,500.00 දක්වා වාර්ෂික වටිනාකම රු. 1,500.00 ට වැඩි
01 විදුලි උපකරණ නිපදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
02 ප්ලාස්ටික් ල වැල් හෝ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා 500.00 750.00 1000.00
03 සුරුට්ටු නිපදවීම සඳහා 500.00 750.00 1000.00
04 පැණි නිපදවීම සඳහා 500.00 750.00 1000.00
05 රා එකතු කරන ස්ථානයක් පවත්වාගෙන ගැනීම සඳහා 500.00 750.00 1000.00
06 බීඩි නිපදවීම සඳහා 500.00 750.00 1000.00
07 හුණු නිපදවීමට පෝරණුවක් පවත්වාගෙන යාම සඳහා 500.00 750.00 1000.00
08 ගම් නිපදවීම 500.00 750.00 1000.00
09 යන්ත‍්‍රානුසාරයෙන් ගඩොල් හෝ උළු නිපදවීම හා පිළිස්සීම 500.00 750.00 1000.00
10 සෙල්ලම් බඩු නිපදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා 500.00 750.00 1000.00
11 තෙල් මෝලක් පවත්වාගෙන යාම සඳහා 500.00 750.00 1000.00
12 කඩදාසී නිපදවීමේ ස්ථානයක් පවත්වාගෙන යාම සහ ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා 500.00 750.00 1000.00
13 කොහු හෝ කෙඳි වර්ග නිපදවීම හෝ කොහු කෙඳි වර්ග වලින් සාදනු ලබන භාණ්ඩ නිපදවීම සඳහා 500.00 750.00 1000.00
14 යන්ත‍්‍ර නොමැතිව ගඩොල් හෝ උළු නිපදවීම 500.00 750.00 1000.00
15 යන්ත‍්‍රානුසාරයෙන් මෙට්ට නිපදවීම සඳහා 500.00 750.00 1000.00
16 යන්ත‍්‍ර නොමැතිව හෝ යන්ත්‍රානුසාරයෙන් සපත්තුල පාවහන් නිපදවීම සඳහා 500.00 750.00 1000.00
17 පාසල් බෑග්ල ගමන් මළුල ආදිය නිපදවීම 500.00 750.00 1000.00
18 හකුරු නිපදවීම 500.00 750.00 1000.00
19 ගිණිකෙළි භාණ්ඩ නිෂ්පාදනය සඳහා 500.00 750.00 1000.00
20 සබන් නිෂ්පාදනය කිරීම සඳහා 500.00 750.00 1000.00
21 බුරුසු නිෂ්පාදනය 500.00 750.00 1000.00

 

වෙළඳ බලපත්‍ර ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147(1) වගන්තිය යටතේ ලැබී ඇති බලය අනුව එම පනතේම 149 වගන්තිය ප්‍රකාරව හා මෙම සභාව විසින් 2017.10.04 දින තීරණ අංක 234 යටතේ පිළිගෙන 2017.06.09 දිනැති අංක 2023 ගැසට් පත්‍රය මඟින් පිළිගන්නට යෙදුණු 1952 අංක 06 දරණ (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 2 වන වගන්තියේ I වන උප වගන්තිය ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇති අතුරු ව්‍යවස්ථා මාලාවන්ට යටත්ව සහ අතිවිශේෂ ගැසට්පත් අංක 570/7 දරණ 1988.08.23 දිනැති ගැසට් පත්‍රය මඟින් පළ කෙරෙන්නට යෙදුණු සම්මත අතුරු ව්‍යවස්ථා මාලාවේ 39 වන අතුරු ව්‍යවස්ථාවේ නිරුපිත ස්ථාන වෙනුවෙන්, එම ස්ථානයන්හි පහත සඳහන් කරුණු මත 2023 වර්ෂය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමටත්, ඒ සඳහා පහත උපලේඛනයේ දැක්වෙන ගාස්තු අය කිරීම.

(අ)    ස්ථානයේ වාර්ෂික වටිනාකම.

(ආ)   ඒ වෙළඳ ව්‍යාපාරයේ පිරිවැටුම.

(ඇ)   ඒ වෙළඳ ව්‍යාපාරයෙන් උපයනු ලැබිය හැකි ලාභය.

(ඈ)   ඒ වෙළඳ ව්‍යාපාරය මඟින් සපයනු ලබන බඩුවල හෝ සේවාවල අත්‍යාවශ්‍ය ස්වභාවය.

ව්‍යාපාර ස්වභාවය වාර්ෂික වටිනාකම රු:750 ට නොවැඩි වාර්ෂික වටිනාකම රු:750 සිට රු:1500දක්වා වාර්ෂික වටිනාකම රු:1500 ට වැඩි
01 මාළු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
02 මස් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
03 සිසිල් බීම කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
04 කොණ්ඩා සැකසීමේ ස්ථාන, බාබාර් සාප්පු, සැලුන් හා රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
05 බේකරියක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
06 කිරි පට්ටියක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
07 පිහිනුම් තටාක පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
08 අයිස් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
09 බත් කඩ, ආපනශාලා, තේ හෝ කෝපි කඩ පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
10 හෝටලයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
11 නවාතැන් පොළක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
12 ලොන්ඩරි පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
13 කර්මාන්ත ශාලා 500.00 750.00 1000.00
14 අවමංගල්‍ය සේවා සැපයීම 500.00 750.00 1000.00
15 සංචාරක වෙළදුන් විසින් ආහාරපාන ද්‍රව්‍ය වෙළඳාම් කිරීම 500.00 750.00 1000.00
16 ඉදිකිරීම් ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත ස්ථාන හා ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථාන
I. සිමෙන්ති විකිණිම.
II. කලු ගල්, ගල් කුඩු විකිණීම
III. වැලි, බොරළු විකිණීම.
IV. ගඩොල් විකිණිම.
500.00 750.00 1000.00
17 අප්‍රසන්න හෝ අන්තරාදායක ව්‍යාපාර
I. කබොක්, බොරළු, හෝ කළු ගල් වලක් පවත්වාගෙන යාම හෝ විකිණීම.
II. කළුගල් ඇඔරුම්හලක් පවත්වාගෙන යාම.
III. වී මෝලක් හෝ ධාන්‍ය තුනපහ ඇඔරුම්හලක් පවත්වාගෙන යාම.
IV. පොල්තෙල් මෝලක් පවත්වාගෙන යාම.
V. වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන යාම. (සර්විස් සෙන්ටර්)
VI. ලී මෝලක් හෝ වඩුමඩුවක් පවත්වාගෙන යාම
VII. ගෑස් ගබඩා කර තබා ගැනීම හා අලෙවි කිරීම
VIII. ගවගාල් පවත්වාගෙන යාම
IX. ඝාතකාගාර පවත්වාගෙන යාම
X. ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යාම
XI. කම්හලක් පවත්වාගෙන යාම
XII. තොග වශයෙන් සීනි, පිටි, ලුණු (හොන්ඩර 15ට වැඩි) ප්‍රමාණයක් ගබඩා කිරීම හෝ විකිණීම
XIII. තොග වශයෙන් විකිණීම සඳහා නරක් වන සුළු ආහාර ද්‍රව්‍ය, සුළු කෑම වර්ග විකිණීම
XIV. වෙල්ඩින් වැඩපලක් පවත්වාගෙන යාම
XV. ධාන්‍ය වර්ග, තුනපහ වර්ග අළෙවි කිරීම
XVI. ශීතකරණ අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යාම
XVII. මෝටර් රථ, මෝටර් සයිකල්, පාපැදි, ත්‍රීවිල් අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යාම
XVIII. සත්ව ආහාර අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
XIX. සිසිල් බීම අලෙවි කිරීම
XX. මුදවපු කිරි, කිරි යෙදු කෑම වර්ග අලෙවි කිරීම හා ගබඩා කිරීම
XXI. රස කැවිලි වර්ග නිෂ්පාදනය හා අලෙවි කිරීම
XXII. පලතුරු හා එළවළු වෙළඳාම් කිරීම
XXIII. වියළි ආහාර ඇසුරුම් කරන හා අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
XXIV. ලියවන පට්ටලයක් පවත්වාගෙන යාම
500.00 750.00 1000.00

 

ව්යාපාර සේවා

වෙළඳ බදු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152(I) වගන්ති ප්‍රකාරව, සභාව විසින් පිළිගන්නට හෝ සම්මත කර ගන්නට යෙදුණ අතුරු ව්‍යවස්ථාවකින් පාලනය වන බලපත්‍රයට යටත් නොවන්නා වු හා එම පනතේම 150 වගන්තිය යටතේ වු කර්මාන්ත බද්දකට යටත් නොවන්නා වු ස්ථාන හැර, අනෙකුත් උපලේඛන අංක 1 හි නිරූපිත ව්‍යාපාර වෙනුවෙන් පෙර වර්ෂය සඳහා වු වෙළඳ ව්‍යාපාරයේ ආදායම අනුව පනතේ දැක්වෙන අනුප්‍රමාණ නොඉක්මවන්නාවු අනුප්‍රමාණයන්ට අනුකූලව උපලේඛන අංක 1 හි දක්වා ඇති ප්‍රමාණයට 2023 වර්ෂය සඳහා වෙළඳ බදු වශයෙන් අය කිරීම.

අනු අංකය බදු ස්වභාවය ග‍වාර්ෂික වටිනාකම රු: 75,000.00 ට නොවැඩි වාර්ෂික වටිනාකම රු: 150,000.00 ට නොවැඩි වාර්ෂික වටිනාකම රු: 150,000.00 ට වැඩි
01 සිල්ලර බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
02 ගෘහ භාණ්ඩ විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
03 ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
04 සාප්පු බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
05 පිිත්තල බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
06 ඇලුමිණියම් බඩු හා ප්ලාස්ටික් බඩු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
07 ඔරලෝසු අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
08 ලී බඩු වෙළඳ සැළක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
09 පාවහන් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
10 ග්‍රොසරියක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
11 යකඩ බඩු විකිණීමේ ස්ථානයත් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
12 පාවිච්චි කරන ලද ඇදුම් ගබඩා කර තබා ගැනීමේ හා විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
13 ගුවන් විදුලි යන්ත‍්‍ර රූපවාහිිණී යන්ත‍්‍ර වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
14 රෙදි පිළි වෙළුඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
15 රෙකෝඞ් බාර් එකක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
16 මහන මැෂින් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
17 බයිසිකල් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
18 සිංහල බෙහෙත් බඩු වෙළඳාම් කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
19 ඉංග‍්‍රිසි බෙහෙත් අළෙවි කිරීමේස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
20 ලිපි ද්‍රව්‍යල පොත් පත්ලසඟරා :පාසල් උපකරණ* වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
21 දුම්වැටි වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
22 මැටි භාණ්ඩ වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
23 බුලත් පුවක් දුම්කොළ වෙළදාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
24 විදුලි උපකරණ අලෙවිකිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
25 මත් පැන් හා රට බීම වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
26 දුරකථන අලෙවි කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
27 පැළ තවානක් පවත්වාගෙන යාම හා විසිතුරු පැළ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
28 ක්ෂණික ඡුායා පිටපත් ගැනීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
29 පෞද්ගලික දුරකථන ව්‍යාපාරයක් (කොමියුනිකේෂන්* පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
30 මසා නිම කළ ඇදුම් :නිමි ඇදුම්* විකිණීම කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
31 ගීත පටිගත කර විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
32 පින්තුර රාමු කරන ස්ථානයන් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
33 ලිපි ද්‍රව්‍ය රබර් සීල් කැපීම හා රථ වාහන තහඩු පෑස්වීම කරන ස්ථානයක් පවත්්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
34 විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
35 ක‍්‍රීඩා හා සමාජ ශාලාවක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
36 බ්ලොක් ගල් , මල් පෝච්චි විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
37 ලොතරැයි අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
38 ටයර් ටියුබ් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
39 දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
40 උත්සව භාණ්ඩ කුලියට දිමේ ස්ථානයන් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
41 වාහන විකුණුම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
42 ශීතකරණ අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
43 පොහොර වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
44 තීන්ත වෙළඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
45 පාපැදි ත‍්‍රීවිල් යතුරුපැදි අමතර කොටස් වෙළූඳාම් කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
46
47
48 ස්වර්ණාභරණ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
49 කෘෂි රසායනික බෙහෙත් අලෙවි කරන ස්ථානයන් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
50 බැංකු සේවා :මූල්‍ය ආයතන* පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
51 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
53 කල්බදු සේවා සපයන ස්ථාන පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
54 විසිතුරු මසුන් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
55 ඩිජිටල් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
56 විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
57 මුද්‍රණාලයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
58 දුරකථන ජාල මධ්‍යස්ථාන පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
59 ඉරිඟු අලෙවි කිරීමේ ස්ථාන පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
60 වීදුරු අලෙවිසැල් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
61 පරිගනක පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම. 360.00 1,200.00 3,000.00
62 කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
63 සංගීත භාණ්ඩ අළෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
64 රේස් ඔට්ටු හලක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
65 ඡුායාරූප ගැනීම හා ඡුායාරූප මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
66 උපකාරක පංති පැවැත්වීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
67 සිනමා ශාලාවක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
68
69 ගොඩනැඟිලි ද්‍රව්‍ය අළෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
70 ලිහිසි තෙල් හා ඔයිල් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම’ 360.00 1,200.00 3,000.00
71 ප‍්‍රවාහන පහසුකම් සැපයීම 360.00 1,200.00 3,000.00
72 විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
73 සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
74 පුවත්පත් අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
75 ජෝතිශ්‍යය ආයතනයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
76 යන්ත්‍රෝපකරණ හා මෝටර් රථ කුලියට දීම 360.00 1,200.00 3,000.00
77 බෝකර් ස්ථාන පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
78 සෙරමික් භාණ්ඩ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
79 කුෂන් වැඩපලක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
80 සහල් ගබඩා කිරිම හා විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
81 ළඳරු නිෂ්පාදන අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
82 වෙනත් විවිධ ව්‍යාපාර 360.00 1,200.00 3,000.00
83 ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
84 විදුලි උපාංග අලෙවි කිරීම 360.00 1,200.00 3,000.00
85 දුරකථන සම්ප්‍රේෂණ කුළුණු පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00
86 පානීය ජලය අලෙවිකිරීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 360.00 1,200.00 3,000.00

 

 

පාරිසරික සහතිකය

කර්මාන්ත හිමියනි,ඔබගේ කර්මාන්තය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන තිබේද?

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් යනු කුමක්ද?

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු කර්මාන්තකරුවන් විසින් තම කර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාම පිළිබඳව බලපත්‍රය දෙන ආයතනය හා කර්මාන්තකරු අතර ඇති කරනු ලබන නීතිමය සම්බන්ධතාවයක් සහිත ලියවිල්ලකි. එමෙන්ම පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමය ශ්‍රී ලංකාවේ පරිසර ආරක්ෂණය  සඳහා යොදා ගනු ලබන ප්‍රධාන නෛතික උපාය මාර්ගයකි. කර්මාන්ත ක්‍රියාවලීන් හේතුවෙන් සිදු වන පරිසර දුෂණය පාලනය කිරීම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමය යොදා ගනු ලැබේ. පරිසරයත් සංවර්ධනයත් අතර සමානතාවයක් ඇති කිරීමට මෙමගින් ලැබෙන මෙහෙය ඉතා වැදගත් වේ.

  • පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්ත පවත්වා ගෙන යාම හා එමඟින් ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශ කර ඇති ප්‍රමිති හා උවමනා වලට අනුකූල නොවන ලෙස අපද්‍රව්‍ය බාහිර පරිසරයට බැහැර කිරීම, තැන්පත් කිරීම හෝ විමෝචනය, වර්ෂ 2000 ක් වු අංක 53 හා 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට සැපයිය යුතු ලේඛන

  • සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.
  • ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
  • අනුමත කරන ලද ඉඩමේ පිඹුරුපතේ පිටපතක්.
  • අනුමත ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්.
  • කර්මාන්ත භූමියට ප්‍රවිශ්ඨ විය හැකි මාර්ග සටහනක්.
  • ගොඩනැගිලි අනුකූලතා සහතිකයේ පිටපතක්.
  • අදාළ වර්ෂයේ වෙළඳ බලපත්‍රයේ පිටපතක්.
  • කර්මාන්ත ක්‍රියාවලියේ ශබ්දය/ ගන්ධය/ අපවිත්‍ර ජලය/ අපවිත්‍ර ද්‍රව්‍ය වලින් පරිසරය දුෂණය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග.
  • ඔබ විසින් නියමිත පරීක්ෂණ ගාස්තු ගෙවන ලද අයදුම්පත ප්‍රාදේශීය සභාවට භාර දුන් පසු පරීක්ෂණ කණ්ඩායම විසින් කර්මාන්ත පරීක්ෂා කර බලා, අනතුරුව එම වාර්තාව පරිසර බලපත්‍ර සම්බන්ධ තාක්ෂණ කමිටුවට යොමු කර අනුමැතිය ලබා දුන් පසු, ඔබ වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ඇත.
  • බලපත්‍ර ගාස්තු අවුරුදු 03 ක් සදහා රු. 5757.48 ක් ගාස්තුවක් අය කරනු ලැබේ. නැවත ඔබ විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමට මාස 03 කට පෙරාතුව බලපත්‍රය අලුත් කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත අයදුම් කළ යුතුය. එසේ නොවන අයදුම්පත් සඳහා බලපත්‍ර ගාස්තුවට අමතරව පරීක්ෂණ ගාස්තුවක් ද ගෙවීමට සිදු වන බව කාරුණාවෙන් සලකන්න.

 

‘‘සෑම මිනිස් ක්‍රියාකාරකමක් සඳහාම අප විසින් නීති රීති රෙගුලාසී පනවනු ලබන්නේ අප ජීවත් වන පරිසරය ආරක්ෂා කිරීමටත් මතු පරපුර සඳහා සුරක්ෂිත වට පිටාවක් උරුම කර දීමටත්ය”

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව