දෙබරවැව සති පොළෙහි ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු දෙබරවැව සති පොළෙහි ගාස්තු 2023 වර්ෂය තුලදී පහත දැක්වෙන ආකාරයට අය කිරීම.

ගාස්තුව
අඩි 9×5 ප්‍රමාණයේ කඩ අල්ලි රු. 100.00
අඩි 6×5 ප්‍රමාණයේ කඩ අල්ලි රු. 60.00
අඩි 7 1/2×5 ප්‍රමාණයේ කඩ අල්ලි

(ගොඩනැගිල්ල ඇතුළත)

රු. 150.00
මාලු ලෑල්ලක් සඳහා රු. 200.00

 

පන්නෙගමුව සති පොළෙහි ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු පන්නෙගමුව සති පොළෙහි ගාස්තු 2023 වර්ෂය තුලදී පහත දැක්වෙන ආකාරයට අය කිරීම.

Fee
ඩබල් වීල් ලොරි රථ සඳහා Rs. 300.00
සිංගල් වීල් ලොරි රථ සඳහා Rs. 175.00
කුඩා ප්‍රමාණයේ ලොරි රථ සඳහා (බඩී) Rs. 120.00
අඩි 10×8ප්‍රමාණයේ කඩ අල්ලි Rs. 80.00
අඩි 10×5ප්‍රමාණයේ කඩ අල්ලි Rs. 60.00
අඩි 8×5ප්‍රමාණයේ කඩ අල්ලි Rs. 50.00
මාලු ලෑල්ලක් සඳහා Rs. 100.00
අඩි 4×4කඩ පිල් Rs. 20.00

 

ක්‍රීඩාපිටි හා හිස් භූමි බදු පදනම මත ලබා දීමේ දී ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතු පහත දැක්වෙන ක්‍රීඩාපිටි හා හිස් භූමි බදු පදනම යටතේ කෙටි කාලයක් සඳහා බදු දීම වෙනුවෙන්, 2023 වර්ෂය සඳහා ගාස්තු අය කර බදු දීමත්, මෙම ස්ථානවලින් කොටසක් ඉල්ලුම් කිරීමේදී එසේ ඉල්ලුම් කරන ප්‍රමාණයට සාපේක්ෂව ගාස්තු අය කිරීමත්, දෙබරවැව පොදු ක්‍රීඩාංගනය සහ පන්නෙගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගනය ක්‍රීඩා කටයුතුවලට හා මුදල් අය නොකරන ප්‍රජා කටයුතු වලදී, එම ගාස්තු අය නොකිරීම මත ලබා දීමටත්, දෙබරවැව පොදු ක්‍රීඩාංගනය මුදල් අය කර ලබා දෙන අවස්ථාවලදී ආරක්ෂිත ඇප තැන්පතුවක් ලෙස රු. 75,000.00 ක මුදලක් ද, පන්නෙගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගනය මුදල් අය කර ලබා දෙන අවස්ථාවලදී ආරක්ෂිත ඇප තැන්පතුවක් ලෙස රු. 25,000.00 ක මුදලක් ද, රඳවා ගෙන එම කටයුත්ත අවසානයේ ක්‍රීඩාංගනයට හානියක් නොවන අවස්ථාවලදී පමණක් තැන්පත් මුදල් නිදහස් කිරීමේ පදනම මත දෙබරවැව පොදු ක්‍රීඩාංගනය හා පන්නෙගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගනය ලබා දීමටත් , තිස්සමහාරාම ලොරි රථ නැවතුම්පල සම්පූර්ණ භූමියෙන් භාගයක අඩු ප්‍රමාණයක් ලබාදෙන අවස්ථා වලදී වර්ග අඩියක් රු.5 ලෙස ගණනය කර ලබා දීමටත් කටයුතු කරනු ලැබේ.

අනු අංකය ස්ථානය ගාස්තුව
01 දෙබරවැව පොදු  ක්‍රීඩාංගනය 20,000.00 (දිනකට)
දෙබරවැව පොදු  ක්‍රීඩාංගනය සඳහා තැන්පතු මුදල (ක්‍රීඩාංගනය භාවිතා කිරීමේදී එම දේපළට හානියක් සිදු නොවුණු අවස්ථාවලදී පමණක් මෙම මුදල නිදහස් කෙරේ. රු.  75,000.00
දෙබරවැව පොදු ක්‍රීඩාංගනය ක්‍රීඩා කටයුතු වලදී රජයේ ආයතන හැර පෞද්ගලික ආයතන සඳහා ලබා දීම (ක්‍රීඩා කටයුතු සඳහා පමණක් බැවින්, තැන්පත් නොගෙවීමේ සහනදායි පදනම මත) රු. 7,500.00 (දිනකට)
02 තිස්සමහාරාම ලොරි රථ නැවතුම්පොළ රු. 10,000.00 (දිනකට)
03 සභාව ඉදිරිපිට හිස් භූමිය රු. 3,000.00 (දිනකට)
04 තිස්සමහාරාම පොලිස් ස්ථානය ඉදිරිපිට භූමිය රු. 2,000.00 (දිනකට)
05 තිස්සමහාරාම බස්නැවතුම්පොළ ඉදිරිපිට භූමිය රු. 2,000.00 (දිනකට)
06 තිස්සමහාරාම පොදු වෙළඳපොළ ඉදිරිපිට භූමිය රු. 3,000.00 (දිනකට)
07 දෙබරවැව පොළ භූමිය රු. 2,000.00 (දිනකට)
08 පන්නෙගමුව පොළ භූමිය රු. 2,000.00 (දිනකට)
9 පන්නගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගණය (ක්‍රීඩා නොවන වෙනත් ඕනෑම මුදල් අය කරමින් සිදු කරන ඕනෑම කටයුත්තක් සැණකෙලි, රැස්වීම්, සංගීත ප්‍රසංග ආදී) රු. 20,000.00 (දිනකට)
 

පන්නගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගණය ( මුදල් අය නොකර සිදු කරන ඕනෑම වැඩසටහනක් සඳහා)

 

රු. 25,000.00

(ඇප තැන්පතු)

 

පන්නගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගණය ( ක්‍රීඩා නොවන වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා)  

රු. 15,000.00

(ඇප තැන්පතු)

 

පන්නගමුව ගොවි සෙවණ ක්‍රීඩාංගනය ක්‍රීඩා කටයුතු වලදී රජයේ ආයතන හැර පෞද්ගලික ආයතන සඳහා ලබා දීම (ක්‍රීඩා කටයුතු සඳහා පමණක් බැවින්, තැන්පත් නොගෙවීමේ සහනදායි පදනම මත)

 

රු. 5,000.00 (දිනකට)