ඉතිහාසය

ගම් සභාවක් ලෙස දියුණු වූ තිස්සමහාරාම ප්‍රදේශය 1960/11/18 දින අංක 12230 ගැසට් නිවේදනයේ කොට්ඨාශ (07) යුත් සුළු නගර සභාවක් ලෙස 1961.07.01 දින සිට සංස්ථාපනය විය. එහි නිල කාලය අවසානයේදී 1964/01/01 දින සිට දෙවන නිල කාලය ඇරඹුණු අතර, එම්.එම් මෛත්‍රීපාල මහතා සභාපති වශයෙන් පත්විය. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව 1988/01/01 දින සිට එතෙක් පැවති ගම් සභාව ප්‍රාදේශීය සභාවක් ලෙස නම් කරනු ලැබූ අතර, එම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 44 කින් යුතු විය.

මහජන ජන්දයෙන් පත් වූ ප්‍රථම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ඇන්.ටී. දයානන්ද මහතාය. 1991/05/11 දින පැවති මැතිවරණයෙන් නිල බලය ලබා ගත් එම මන්ත්‍රී මණ්ඩලය 12 ක් විය.

පක්ෂය නම තනතුර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එන්. ටී. දයානන්ද මහතා ගරු සභාපති
එල්. වයි. එන්. සෙනවිරත්න මහතා ගරු උප සභාපති
ඩබ්. කේ. ප්‍රේමදාස මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
බී. කේ. විමලරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එම්. එස්. සෝමරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩී. ඩී. ඒකනායක මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩබ්. ජී. සුදත් මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය ඩබ්. ජී. නන්දසේන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
හේමසිරි පතිනායක මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩබ්. එල්. ජී. ජිනදාස මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ජයන්ත සේනානායක මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මහජන එක්සත් පෙරමුණ පී. ජී. පීරිස් අප්පු මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

 
එම සභාවේ නිල කාලය අවසන් වූ පසු 1997/03/07 දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් බුද්ධදාස ජයසූරිය මහතා සභාපති ධූරයට පත් විය.

පක්ෂය නම තනතුර
පොදුජන එක්සත් පෙරමුණ බුද්ධදාස ජයසූරිය මහතා ගරු සභාපති
ඩබ්. කේ. ප්‍රේමදාස මහතා ගරු උප සභාපති
එන්. ටී. දයානන්ද මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එම්. එස්. සෝමරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පී. එල්. චාලි ගුණරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. පී. එම්. එස් ද වාස් ගුණවර්ධන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. ඩබ්. කේ. පියසේන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය පි. එච්. නිමල් චන්ද්‍රලාල් මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එච්. ජී. ජී. ආරියපාල මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ජයන්ත සේනානායක මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ජනතා විමුක්ති පෙරමුණ ඒ. පී. සමරසූරිය මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. පී. චන්ද්‍රසේන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. පී. සමරසූරිය මහතා, ඒ. ජී. චන්ද්‍රෙස්න මහතා ඉල්ලා අසි වෙන ලදී. ඩබ්. පී. අමරපාල මහතා, ආර්. ඩී. සිරිසේන මහතා එම පුරප්පාඩු වූ මන්ත්‍රී තනතුරුවලට පත් වෙන ලදී.
2002/03/20 දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව ගරු සභාපති එච්. එල්. ජයසිරි මහතා ඇතුළු සභාව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මහජන ජන්දයෙන් තේරී පත්විය. 2002/04/15 දින සිට ක්‍රියාත්මක වූ මෙම සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වේ.

පක්ෂය නම තනතුර
ජනතා විමුක්ති පෙරමුණ එච්. එල්. ජයසිරි මහතා ගරු සභාපති
කුසුම්සිරි රෝහණධීර මහතා ගරු උප සභාපති
එස්. ආර්. වීරකෝන් මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩබ්. ජී. ගුණපාල මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
කේ. එච්. නිමලරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. එච්. හර්බට් ද සිල්වා මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය කේ. එච්. ගාමිණී මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. පි. එම්. එස් ද වාස් ගුණවර්ධන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එම්. ඒ. ආර්. ප්‍රියන්ත මුණසිංහ මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ජයන්ත සේනානායක මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පොදු ජන එක්සත් පෙරමුණ පී. එල්. චාලි ගුණරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඇන්. ටී. දයානන්ද මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

2006/03/20 දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව ගරු සභාපති එච්. එල්. ජයසිරි මහතා ඇතුළු සභාව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මහජන ජන්දයෙන් තේරී පත් විය. 2006/04/15 දින සිට ක්‍රියාත්මක වූ මෙම සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වේ.

පක්ෂය නම තනතුර
ජනතා විමුක්ති පෙරමුණ එච්. එල්. ජයසිරි මහතා ගරු සභාපති
එස්. ආර්. වීරකෝන් මහතා ගරු උප සභාපති
ඒ. එච්. හර්බට් ද සිල්වා මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එල්. එච්. කුමුදු සුජීව මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
කේ. රූපසිංහ මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ආර්. රජිත ප්‍රියදර්ශන මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඊ. ඒ. විමලරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පොදු ජන එක්සත් පෙරමුණ පී. එල්. චාලි ගුණරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
බුද්ධදාස ජයසූරිය මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එච්. ජේ. කේ. ජී. විජේරාම මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය කේ. එච්. ගාමිණී මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
බී. කේ. ඉෂ්මි මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

2011/03/17 දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය අනුව ගරු සභාපති හර්ෂ උදය කුමාර ජයවීර මහතා ඇතුළු සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහජන ජන්දයෙන් තේරී පත් විය. 2015/05/15 දින දක්වා වූ සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වේ.

පක්ෂය නම තනතුර
එක්සත් ජනතා නිදහස් සන්ධානය හර්ෂ උදය කුමාර ජයවීර මහතා ගරු සභාපති
ඩබ්. ජී. උපුල් මහතා ගරු උප සභාපති
චාලි ගුණරත්න මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
සුදත් විදානගමගේ මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඩබ්. කේ. ටෂිත සමිල මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එච්. ජේ. කේ. ජී. විජේරාම මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. එච්. ප්‍රෙස්ලි සුරාජ් මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය කේ. එච්. ගාමිණී මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
සුජීවා සමරසිංහ මහත්මිය ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ඒ. පී. ධම්මික මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ජනතා විමුක්ති පෙරමුණ එල්. එච්. කුමුදු සුජීව මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
කේ. රූපසිංහ මහතා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. රූපසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වීම නිසා 2013/07/30 දින සිට ආර්. රජිත ප්‍රියදර්ශන මහතා එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් කරන ලදී.
2011/04/10 දින සිට ක්‍රියාත්මක වූ මෙම සභාව 2015 මාර්තු මස 27 වන දින පළ කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව 2015 මැයි මස 15 වැනි දින විසුරුවා හරින ලදී.