හැඳින්වීම

දැක්ම

සෞභාග්‍යයේ දැක්ම හේතු කොට ගෙන ජන සහභාගීත්ව සංකල්පය තුළින් ශ‍්‍රී ලංකාවේ කාර්යක්ෂම තිරසාර සමෘද්ධිමත් අග‍්‍රගණ්‍ය ප‍්‍රාදේශීය සභාව බවට පත් කිරීම

මෙහෙවර

වාරි සංස්කෘතිය පෙරටු කරගත් කෘෂි ආර්ථිකයක් පණ පෙවු දියුණු සංස්කෘතියකට උරුමකම්පාන පෞරාණික මාගම්පුර රාජධානියේ ගිරුවාපත්තුව නම ලද තිස්ස නගරය කේන්ද්‍ර කරගත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය එහි ජිවත්වන ජනතාවටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ සෞඛ්‍ය, සුභසාධනය, පොදු උපයෝගිතා සේවාවන් කාර්යක්ෂමව හා විධිමත් පරිදි පරිපාලනය කරමින් තිරසර සමෘදිමත් පුරවරයක් ලෙස ගොඩනැගීම අපගේ මෙහෙවරයි.

සංඛ්‍යා ලේඛන තොරතුරු

පළාත දකුණු පළාත
පරිපාලන දිස්ත්‍රික්කය හම්බන්තොට
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිස්සමහාරාම
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි.මී. 842
ග්‍රාම නිලධාරී වසම් ගණන 44
ජන්ද කොට්ධාශ සංඛ්‍යාව 13
ජනගහනය 75636
නිවාස ඒකක සංඛ්‍යාව 17798
මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ 4
බල ප්‍රදේශයේ පාසල් සංඛ්‍යාව 27
විදුලිය සහිත නිවාස ගණන 15783
විදුලිය නොමැති නිවාස 2198
ගොවිජන සේවා මධ්‍යස්ථාන ගණන 3
ආයුර්වේද බෙහෙත් ශාලා 3
තැපැල් කාර්යාල 11
ආගමික ස්ථාන (පන්සල්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්.දේවස්ථාන) 53