ආයතන

පෙර පාසල්

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මගින් පෙර පාසල් 06 පාලනය වේ. මෙම සෑම පෙර පාසලක් මගින්ම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා නොමිලයේ මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙනු ලබයි. තවද, ප්‍රදේශීය සභාව මගින් පාලනය වන පෙර පාසල් දරුවන් සඳහා ඉතිහාසයේ පළමු වතාවට නිල ඇදුමක් ලබා දීමට ද අප සභාව විසින් කටයුතු කර ඇත.

 

පුස්තකාල

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මගින් මහාසිව මහජන පුස්තකාලය සහ කුමාරොදය ළමා පුස්තකාලය නමින්  පුස්තකාල 02 ක් පවත්වාගෙන යනු ලබයි. කුමාරොදය ළමා පුස්තකාලය සඳහා අවුරුදු 16 න් පහල ළමුන් සඳහා සාමාජිකත්වය ලබා ගත හැකි අතර, මහාසිව මහජන පුස්තකාලය සඳහා අවුරුදු 16 න් ඉහල ළමුන් සඳහා සාමාජිකත්වය ලබා ගත හැකිය. ඊට අමතරව තිස්සමහාරාම බල ප්‍රදේශයේ ඕනෑම අයෙකු සඳහා පුස්තකාලයේ පොත් පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.

 

උද්ධකන්දර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් උද්ධකන්දර කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ 2018 වර්ෂයේ සිට කාබනික පොහොර නිපදවීම සාර්ථක සිදු කරනු ලබන අතර, කාබනික පොහොර නිසි ප්‍රමිතියට අනුව සකස් කිරීම සිදු කරනු ලබයි. කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ ඵලදාව විකිණීම, අබලි ද්‍රව්‍ය (පොලිතීන්, වීදුරු, ප්ලාස්ටික් බෝතල්) යනාදිය විකිණීම මගින් ද ආදායමක් ලබා ගනු ලබයි. මේ වන විට ප්‍රාදේශීය සභාවට අයත් කොම්පෝස්ට් මධ්‍යස්ථානය ආදායම් ලබන ආයතනයක් බවට පත් වී ඇත.

 

තිස්සමහාරාම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් තිස්සමහාරාම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව මගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ ඖෂධ ලබා දීම සිදු කරනු ලබයි. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා සභාවක් ලෙස මෙලෙස නොමිලයේ ඖෂධ ලබා දීම ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු සේවාවකි.

 

යෝධකණ්ඩිය නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් යෝධකණ්ඩිය නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව සඳහා, තිස්සමහාරාම නගරයට බොහෝ දුර ගෙවා පැමිණීමට නොහැකි කිරින්ද, මාගම, අන්දරගස්යාය, යෝධකණ්ඩිය අදි ප්‍රදේශවල ජනතාව ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙනු ලබයි. මෙම මධ්‍යස්ථානය මගින්ද ප්‍රදේශයේ ජනතාවට කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ ඖෂධ ලබා දීම සිදු කරනු ලබයි. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා සභාවක් ලෙස මෙලෙස නොමිලයේ ඖෂධ ලබා දීම ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු සේවාවකි.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් තිස්සමහාරාම බල ප්‍රදේශයේ ජනතාවට සුභ සාධක කටයුතු සඳහා සුභ සාධක භාණ්ඩ නිකුත් කරනු ලබයි. මේ සඳහා ප්‍රාදේශීය සභාව විසින් කිසිදු මුදලක් අය නොකර, ජනතාවට නොමිලයේ මෙම සේවාව ලබා දීම සිදු කරනු ලබයි.

 

මහසෙන්පුර ආදාහනාගාරය

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් මහසෙන්පුර ආදාහනාගාරය මගින් තිස්සමහාරාම බල ප්‍රදේශයේ ජනතාවට සේම බල ප්‍රදේශයෙන් පිටත ජනතාව සඳහාත් ආදාහන සිදු කරවා ගැනීමට අවස්ථාව ලබා දී ඇත. සැපයුම් පිරිවැයෙහි සම්පුර්ණ පිරිවැයම ආදාහනයක් සඳහා අය නොකර, සැලකිය යුතු පිරිවැයක් ආයතනය විසින් ද දරමින් ජනතාවට මෙකී සේවාව ලබා දීම සිදු කරනු ලබයි.