ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රජාවගේ රෝග නිවාරණය හා සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම මගින් වැඩ සටහන් අංක 02 යටතේ සෞඛ්‍ය සේවා වර්ගකර ඇත.
පළාත් පාලන ආයතන ක්‍රියාවලියන් ජනතා මහෝපකාරි සේවාවක් ලෙස මෙය හැඳින්විය හැක. සේවාවට සරිලන තරම් ජනතා ඇගයීමකට ලක් නොවන මෙම ආයතන ‘‘මිනිසාගේ උපතේ සිට විපත දක්වා මහෝපකාරි වන ආයතන’’ වශයෙන් උදාර පරමාර්ථ වලින් සැඳුම්ලත් ආයතන වේ.
සෞඛ්‍ය සේවාවන් නගා සිටුවීමේදී, පාරිසරික වශයෙන් කසල බැහැර කර කළමනාකරණය කිරීම ද, රෝග පැතිරයාමට ඇති ඉඩ වලකා ලමින් ද, රෝගී වූ ප්‍රජාව සඳහා ප්‍රතිකාර ක්‍රම ද අවශ්යක සේවා වශයෙන් සුසාන භුමි ආදාහනාගාර පද්ධති පවත්වා අදාල නඩත්තු කටයුතු ඉටු කිරීමෙන් ද ප්‍රජාවට මහඟු සේවාවන් සලසාදීම මෙම වැඩ සටහනෙහි ප්‍රධාන අරමුණය.
මෙම වැඩ සටහන යටතේ නොමිළයේ ප්‍රජාවට සැළසෙන සේවා
- මාතෘ හා දාරක සායන පැවැත්වීම
- ප්‍රජා සෞඛ්‍ය හා අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
- රෝග නිවාරණ සේවා යටතේ නගර පිරිසිදු කිරීම, වැසිකිළි පහසුකම් සැලසීම හා ඒවායේ පවිත්‍රතා කටයුතු සිදු කිරීම
- ආහාර පනත යටතේ කල් ඉකුත් වු ආහාර පරීක්ෂා කිරීම හා වෙළඳ ආයතන වැටලීම් මඟින් ඒවා බැහැර කිරිමට කටයුතු කිරීම
- ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනාකරණය
- ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා බෙහෙත් ශාලා පැවැත්වීම
- නගරයේ වටරවුම් හා පොදු ස්ථාන වල පරිසර අලංකරණ කටයුතු
- සුසාන භුමි, ආදාහනාගාර සංරක්ෂණය හා නඩත්තු කිරීම
- කොම්පෝස්ට් මධ්‍යස්ථාන කටයුතු
සෞඛ්‍ය සේවා යටතේ ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීම මගින් බල ප්‍රදේශයේ මෙම ප්‍රජා සේවාවන් ඉටු කිරීම සිදු කෙරේ