දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ අංක 122 හා 126 vii ඊ වගන්ති වලින් පැවරී ඇති බලතල අනුව 1988.08.23 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 527/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටස මඟින් ප්‍රසිද්ධ කරන ලද 1952 අංක 06 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 02 වන වගන්තියේ 01 වන උප වගන්තිය අනුව, විෂය භාර අමාත්‍යවරයා විසින් පනවා ඇති සම්මත අතුරු ව්‍යවස්ථා මාලාවේ 39 වන අතුරු ව්‍යවස්ථා ප්‍රකාරව 2023 වර්ෂය සඳහා බල ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරු සඳහා පහත දැක්වෙන ගාස්තු නියමයන් අනුව, දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම.

    • පවත්නා වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා, බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීමක් සඳහා වර්ග අඩියකට රු. 100.00 බැඟින් වු ගාස්තුවක්.
    • රෙදි හෝ ඉටි රෙදි භාවිතා කරනු ලබන දැන්වීමක් සඳහා මාසයක් හෝ ඉන් කොටසක් සඳහා වර්ග අඩියකට රු. 30.00 බැඟින් වු ගාස්තුවක්.
    • කඩදාසියේ මුද්‍රිත දැන්වීමක් මාසයක් හෝ ඉන් කොටසක් ප්‍රදර්ශනය කිරීම සඳහා වර්ග අඩියකට රු. 5.00 බැඟින් වු ගාස්තුවක්
    • පවත්නා වර්ෂයේ දෙසැම්බර් මස 31 දින දක්වා, බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරනු ලබන ඩිජිටල් දැන්වීම් පුවරුවක් සඳහා වර්ග අඩියකට රු. 1,500.00 බැඟින් වු ගාස්තුවක් අය කිරීම.

Get In Touch