වෙළඳ බලපත්‍ර ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

වෙළඳ බලපත්‍ර ගාස්තු අය කිරීම – 2023 වර්ෂය

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147(1) වගන්තිය යටතේ ලැබී ඇති බලය අනුව එම පනතේම 149 වගන්තිය ප්‍රකාරව හා මෙම සභාව විසින් 2017.10.04 දින තීරණ අංක 234 යටතේ පිළිගෙන 2017.06.09 දිනැති අංක 2023 ගැසට් පත්‍රය මඟින් පිළිගන්නට යෙදුණු 1952 අංක 06 දරණ (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 2 වන වගන්තියේ I වන උප වගන්තිය ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇති අතුරු ව්‍යවස්ථා මාලාවන්ට යටත්ව සහ අතිවිශේෂ ගැසට්පත් අංක 570/7 දරණ 1988.08.23 දිනැති ගැසට් පත්‍රය මඟින් පළ කෙරෙන්නට යෙදුණු සම්මත අතුරු ව්‍යවස්ථා මාලාවේ 39 වන අතුරු ව්‍යවස්ථාවේ නිරුපිත ස්ථාන වෙනුවෙන්, එම ස්ථානයන්හි පහත සඳහන් කරුණු මත 2023 වර්ෂය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමටත්, ඒ සඳහා පහත උපලේඛනයේ දැක්වෙන ගාස්තු අය කිරීම.

(අ)    ස්ථානයේ වාර්ෂික වටිනාකම.

(ආ)   ඒ වෙළඳ ව්‍යාපාරයේ පිරිවැටුම.

(ඇ)   ඒ වෙළඳ ව්‍යාපාරයෙන් උපයනු ලැබිය හැකි ලාභය.

(ඈ)   ඒ වෙළඳ ව්‍යාපාරය මඟින් සපයනු ලබන බඩුවල හෝ සේවාවල අත්‍යාවශ්‍ය ස්වභාවය.

ව්‍යාපාර ස්වභාවය වාර්ෂික වටිනාකම රු:750 ට නොවැඩි වාර්ෂික වටිනාකම රු:750 සිට රු:1500දක්වා වාර්ෂික වටිනාකම රු:1500 ට වැඩි
01 මාළු විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
02 මස් විකිණීමේ ස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
03 සිසිල් බීම කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
04 කොණ්ඩා සැකසීමේ ස්ථාන, බාබාර් සාප්පු, සැලුන් හා රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
05 බේකරියක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
06 කිරි පට්ටියක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
07 පිහිනුම් තටාක පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
08 අයිස් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
09 බත් කඩ, ආපනශාලා, තේ හෝ කෝපි කඩ පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
10 හෝටලයක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
11 නවාතැන් පොළක් පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
12 ලොන්ඩරි පවත්වාගෙන යාම 500.00 750.00 1000.00
13 කර්මාන්ත ශාලා 500.00 750.00 1000.00
14 අවමංගල්‍ය සේවා සැපයීම 500.00 750.00 1000.00
15 සංචාරක වෙළදුන් විසින් ආහාරපාන ද්‍රව්‍ය වෙළඳාම් කිරීම 500.00 750.00 1000.00
16 ඉදිකිරීම් ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත ස්ථාන හා ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථාන
I. සිමෙන්ති විකිණිම.
II. කලු ගල්, ගල් කුඩු විකිණීම
III. වැලි, බොරළු විකිණීම.
IV. ගඩොල් විකිණිම.
500.00 750.00 1000.00
17 අප්‍රසන්න හෝ අන්තරාදායක ව්‍යාපාර
I. කබොක්, බොරළු, හෝ කළු ගල් වලක් පවත්වාගෙන යාම හෝ විකිණීම.
II. කළුගල් ඇඔරුම්හලක් පවත්වාගෙන යාම.
III. වී මෝලක් හෝ ධාන්‍ය තුනපහ ඇඔරුම්හලක් පවත්වාගෙන යාම.
IV. පොල්තෙල් මෝලක් පවත්වාගෙන යාම.
V. වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන යාම. (සර්විස් සෙන්ටර්)
VI. ලී මෝලක් හෝ වඩුමඩුවක් පවත්වාගෙන යාම
VII. ගෑස් ගබඩා කර තබා ගැනීම හා අලෙවි කිරීම
VIII. ගවගාල් පවත්වාගෙන යාම
IX. ඝාතකාගාර පවත්වාගෙන යාම
X. ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යාම
XI. කම්හලක් පවත්වාගෙන යාම
XII. තොග වශයෙන් සීනි, පිටි, ලුණු (හොන්ඩර 15ට වැඩි) ප්‍රමාණයක් ගබඩා කිරීම හෝ විකිණීම
XIII. තොග වශයෙන් විකිණීම සඳහා නරක් වන සුළු ආහාර ද්‍රව්‍ය, සුළු කෑම වර්ග විකිණීම
XIV. වෙල්ඩින් වැඩපලක් පවත්වාගෙන යාම
XV. ධාන්‍ය වර්ග, තුනපහ වර්ග අළෙවි කිරීම
XVI. ශීතකරණ අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යාම
XVII. මෝටර් රථ, මෝටර් සයිකල්, පාපැදි, ත්‍රීවිල් අලුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යාම
XVIII. සත්ව ආහාර අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
XIX. සිසිල් බීම අලෙවි කිරීම
XX. මුදවපු කිරි, කිරි යෙදු කෑම වර්ග අලෙවි කිරීම හා ගබඩා කිරීම
XXI. රස කැවිලි වර්ග නිෂ්පාදනය හා අලෙවි කිරීම
XXII. පලතුරු හා එළවළු වෙළඳාම් කිරීම
XXIII. වියළි ආහාර ඇසුරුම් කරන හා අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යාම
XXIV. ලියවන පට්ටලයක් පවත්වාගෙන යාම
500.00 750.00 1000.00

 

Get In Touch