යාල ජාතික උද්‍යානය

ඉන්දියානු සාගරයට මායිම්ව පිහිටි ශ්‍රී ලංකාවේ වැඩිපුරම නැරඹූ හා දෙවන විශාලතම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානයයි. මෙම උද්‍යානය කුට්ටි පහකින් සමන්විත වන අතර ඉන් දෙකක් දැන් මහජනයාට විවෘතව ඇති අතර යාබද උද්‍යාන ද ඇත

පොදු පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා

පළාත් පාලන ආයතනයකින් ඉටු විය යුතු සේවාවන් වැඩ සටහන් වශයෙන් වර්ගකර ඇත. මින් අංක 01 යටතේ ආයතනයේ පොදු පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවාවන් වෙන් කර ඇත. ප්‍රාදේශීය සභා පනතට අනුව, අදාල අනපනත් උපයෝගී කර ගනිමින්, වගකීම් ඉටුකිරීමේදී ප්‍රාදේශීය සභාව විසින් පිළිගත් කාර්යාල ක්‍රම පද්ධතියක් අනුගමනය කල යුතුවේ. තම බල ප්‍රදේශය තුල මෙහෙයවනු ලබන ප්‍රජා සේවාවන් කාර්යාල ඒකකයක් තුල දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන්ගේ එකඟතාවය තුල සැළසුම් කල කාර්යයන් මෙහෙයවීම පොදු පරිපාලනය වේ.

අදාල සේවාවන් සැළසුම් කිරීම, සංවිධානය කිරීම, මාණ්ඩලීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. සැලසෙන සේවාවන් මෙහෙයවීම තුල මුල්‍ය සම්පත් හා භෞතික සම්පත් මෙන්ම පිරිස් පාලනය ද සිදුවිය යුතුය. සියළු කාර්යන් මනාලෙස ඉටුකිරීමෙන් අනතුරුව, ප්‍රගති සමාලෝචන හා පසු විපරම් තුලින් නිසි ලෙස කාර්යන් මැන බැලීම ද ගැටළු අවම කරගනිමින් කාර්ය මණ්ඩල සේවාවන් මෙහෙයවීම ද මෙම වැඩ සටහනෙහි අරමුණ වේ.

මෙම සංවිධානයෙහි බලතල ඉහල සිට පහලට බෙදී ඇති ආකාරය සංවිධාන ව්‍යුහයක් තුලින් පෙන්වා දී ඇත. මහජන ඡුන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් අතුරෙන් සභාපතිවරයා ප්‍රාදේශීය සභා පනතට අනුව, ප්‍රධාන විධායක නිලධාරියා ලෙස විශේෂිත බලයක් හිමිව ඇත. තම බල ප්‍රදේශය තුල ජන ජීවිතයන්හි අවශ්‍යතා හඳුනාගැනීමෙන් ඒ හා මනා ඵලදායීතාවයක් හා කලට වේලාවට ක්‍රියාත්මක කිරීම තුලින් අපේක්‍ෂිත ඉලක්ක හා අරමුණු කරා ලඟා වීමත් ප්‍රධාන වගකීම වේ. මෙහිදී මනා ලෙස කාර්ය මණ්ඩල මෙහෙයවීමක් සිදු වන අතර, රාජකාරී පැවරීම අදාල අවස්ථාවන්හි දී ඔවුන් පුහුණු සඳහා යොමු කිරීම දිරි දීමනා සේවා සැලසීම හා පාලනය කිරීම පොදු පරිපාලනයෙහි අපේක්‍ෂාව වේ.

සෞඛ්‍ය සේවා

ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රජාවගේ රෝග නිවාරණය හා සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම මගින් වැඩ සටහන් අංක 02 යටතේ සෞඛ්‍ය සේවා වර්ගකර ඇත.

පළාත් පාලන ආයතන ක්‍රියාවලියන් ජනතා මහෝපකාරි සේවාවක් ලෙස මෙය හැඳින්විය හැක. සේවාවට සරිලන තරම් ජනතා ඇගයීමකට ලක් නොවන මෙම ආයතන ‘‘මිනිසාගේ උපතේ සිට විපත දක්වා මහෝපකාරි වන ආයතන’’ වශයෙන් උදාර පරමාර්ථ වලින් සැඳුම්ලත් ආයතන වේ.

සෞඛ්‍ය සේවාවන් නගා සිටුවීමේදී, පාරිසරික වශයෙන් කසල බැහැර කර කළමනාකරණය කිරීම ද, රෝග පැතිරයාමට ඇති ඉඩ වලකා ලමින් ද, රෝගී වූ ප්‍රජාව සඳහා ප්‍රතිකාර ක්‍රම ද අවශ්‍යක සේවා වශයෙන් සුසාන භුමි ආදාහනාගාර පද්ධති පවත්වා අදාල නඩත්තු කටයුතු ඉටු කිරීමෙන් ද ප්‍රජාවට මහඟු සේවාවන් සලසාදීම මෙම වැඩ සටහනෙහි ප්‍රධාන අරමුණය.

මෙම වැඩ සටහන යටතේ නොමිළයේ ප්‍රජාවට සැළසෙන සේවා

  • මාතෘ හා දාරක සායන පැවැත්වීම
  • ප්‍රජා සෞඛ්‍ය හා අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
  • රෝග නිවාරණ සේවා යටතේ නගර පිරිසිදු කිරීම, වැසිකිළි පහසුකම් සැලසීම හා ඒවායේ පවිත‍්‍රතා කටයුතු සිදු කිරීම
  • ආහාර පනත යටතේ කල් ඉකුත් වු ආහාර පරීක්ෂා කිරීම හා වෙළඳ ආයතන වැටලීම් මඟින් ඒවා බැහැර කිරිමට කටයුතු කිරීම
  • ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනාකරණය
  • ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා බෙහෙත් ශාලා පැවැත්වීම
  • නගරයේ වටරවුම් හා පොදු ස්ථාන වල පරිසර අලංකරණ කටයුතු
  • සුසාන භුමි, ආදාහනාගාර සංරක්‍ෂණය හා නඩත්තු කිරීම
  • කොම්පෝස්ට් මධ්‍යස්ථාන කටයුතු

සෞඛ්‍ය සේවා යටතේ ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීම මගින් බල ප්‍රදේශයේ මෙම ප්‍රජා සේවාවන් ඉටු කිරීම සිදු කෙරේ

භෞතික සැලසුම්, මංමාවත් සහ ගොඩනැගිලි සේවා

බල ප්‍රදේශය තුල ඇති ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් , ගොඩනැගිලි හා මංමාවත් නඩත්තු කර පවත්වාගෙන යාම ද අළුත්වැඩියාවන් කිරීම ද ප්‍රජාවගේ සංවර්ධන යෝජනා වෙනුවෙන් ක‍්‍රියාත්මක වීම ද මෙම වැඩ සටහනින් අපේක්‍ෂා කෙරේ.

අනිකුත් වැඩ සටහන් වෙනුවෙන් මෙන්ම මෙම වැඩ සටහන වෙනුවෙන් ද පසුගිය වසර අවසානයේ සැළසුම් කර ගන්නා ලද සංවර්ධන යෝජනා සැළැස්මක් අනුව, කටයුතු කිරීම මෙහි අරමුණ වේ. යන්ත්‍ර සූත්‍ර හා වාහන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනේ. මීට අමතරව මේවා කුලී පදනම මත යෙදවීම නිසා උපයන ආදායම ව්‍යාපෘතියේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා යොදවනු ඇත.

තවද, මන්ත්‍රී ප්‍රතිපාදන සහ පළාත් නිශ්චිත ආධාර යටතේ ග්‍රාමීයව මාර්ග සංවර්ධනය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබයි

පොදු උපයෝගීතා සේවා

ප්‍රජාවගේ එදිනෙදා ජන ජීවිතය වෙනුවෙන් උපයෝගී වන පොදු සේවාවන් සැලසීම මෙම වැඩ සටහන තුලින් අපේක්‍ෂා කෙරේ.

මේ යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදන අලෙවිය හා ජන ජීවිතයට අවශ්‍ය ආහාර භෝග සඳහා පොදු වෙළඳ පොල පහසුකම් සලසාදීම සිදු කෙරේ.

මේ සඳහා තිස්සමහාරාම , දෙබරවැව , පන්නගමුව යන වෙළඳ පොල වල් පවත්වාගෙන යනු ලබන අතර , වෙළඳාම් වල යෙදෙන ව්‍යාපාරිකයන්ට වෙළඳ කුටි ද සහිතව පුරනැගුම ආධාර යටතේ දෙබරවැව පොළ සංවර්ධනය කර ඇති අතර, දකුණු පළාත් ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිකල පන්නගමුව පොදු වෙළඳ පොල දැයට කිරුළ සංවර්ධන ප්‍රතිපාදන හරහා නවීකරණය කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරමින් පවතී. තිස්සමහාරාම නව දෙමහල් වෙඳළ සංකීර්ණය ද වෙළඳ ප්‍රජාවට මහත් පිටුවහලකි.

මහජන උපයෝගීතා සේවා යටතේ සභාව සතු පොදු ගොඩනැගිලි නඩත්තුව හා වීථි ආලෝක කිරීමේ කටයුතු ද මෙම වැඩසටහන යටතේ සිදුකරගෙන යනු ලබයි.

මෙහි ප්‍රධාන ආදායම වශයෙන් සඳහන් කල හැකි වන්නේ කඩ කාමර කුලී හා පොල බදුය. අදාල වෙළඳ පොලවල් වල නඩත්තු කටයුතු හා වැඩි දියුණු කිරීම් මෙම ආදායම් තුලින් ජනතා උපයෝගිතා සඳහා යොදාගනු ඇත.

සුභ සාධන සේවා

මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉටු කරනු ලබන සේවාවන් මෙම වැඩ සටහන තුලින් සැලසීම පරමාර්ථය වේ.

පාසැල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා ද වැඩිහිටියන් උදෙසා ද ඇති කල ඉතා පැරණි පුස්තකාල සේවාවක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ස්ථාපිත කර ඇත. ප්‍රජා සංවර්ධන නිලධාරි අධීක්‍ෂණය යටතේ පාඨක සමාජ හා ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව විශාල සමාජ මෙහෙවරක් ඉටුකිරීම මෙමගින් සිදුවේ.

අධ්‍යාපනික මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, නක්ෂත‍්‍ර ආදී ක්‍ෂෙත‍්‍රයන්ගෙන් පිරිපුන් පුස්තකාල සේවාව වෙනුවෙන් පොත් සපයනු හෝ සභා අරමුදලින් ඊට අමතරව, මන්ත්‍රී ප්‍රතිපාදන පරිත්‍යාග, ආධාර වෙනුවෙන් ලැබෙන පොතපත ද වේ. විවිධ මාධ්‍ය පුවත්පත්, සඟරා, කලා, සිනමා ආදී දෛනික පුවත් පත් ද සභා අරමුදලින් සපයනු ඇත.

කුඩා දරුවන් වෙනුවෙන් ස්ථාපිත කරන ලද ළමා පුස්තකාලය වයස අවු: 12 න් පහල සෑම කුඩා පාසැල් දරුවනටම විවෘතය.

සිඟිත්තන්ගේ පෙර පාසැල් අධ්‍යාපනය පිළිබඳව දැඩි කැපවීමෙන් කටයුතු කරන වැඩ පිළිවෙලක් ඇත. විවිධ ප්‍රසංග සඳහා පෙළ ගස්වන දරුවන් අතර, කුසලතා සහතික හා පරිත්‍යාගයන් ලබාදීම තුලින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට හා සමාශීලී පැවතුම් සඳහා අවස්ථා උදාකර ඇත.

සෞඛ්‍ය සම්පන්න ප්‍රජා මෙහෙවරක් ලෙස, ක්‍රීඩාගාර හා ක්‍රීඩා භුමි් ස්ථාපිත කර ඇත. කියවීමෙන්, දැණුමෙන් පිරිපුන් මිනිස් සමාජයක් හා මානසික ප්‍රබෝධයකින් පිබිදුනු යොවුන් පරපුරක් මෙන්ම සමාජ සත්කාරයක් ද මේ තුලින් අපේක්‍ෂා කරනු ඇත.