ය ශ්‍රී ලංකාවට ආවේණික තේජාන්විත දිවියෙකු වන Panthera pardus kotiya ගේ නිවහනයි. නමුත් වනජීවීන්ගේ තේජාන්විත දර්ශනය අතර, නැතිවූ ශිෂ්ටාචාරයක කතන්දර සලකුණු ද ඔබ දකිනු ඇත. වැදගත් වන්දනා ස්ථානයක් වන සිතුල්පව්වේ පැවිදි ජනාවාස වසර 2000 කට පමණ පෙර සැනසීම පතා 12,000 වැසියන් නවාතැන් ගෙන සිටි බව කියනු ලැබේ. ප්‍රතිසංස්කරණය කරන ලද පාෂාණ විහාරය, හොඳින් සංරක්ෂණය කර ඇති පුරාණ විහාරස්ථාන මාලාවක් අතර දිලිසෙන අතීතයක් පිළිබඳ දර්ශනයක් ලබා දෙයි. වර්තමානයේ පෞරාණික වනජීවී රාජධානියක් වන යාල, ශ්‍රී ලාංකීය රජවරුන්ගේ ශ්‍රී විභූතිය දක්වා දිවෙන, දියුණු ශිෂ්ටාචාරයක නිවහනක් විය. අද බොහෝමයක් අබලන් තත්වයේ පවතින වැව් සිය ගණනක් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකට සාක්ෂි දරයි. විශාල, සශ්‍රීක වන වැව් දැන් සත්ව රාජධානියට ජීවන මාර්ගයක් සපයයි, විශේෂයෙන් වියළි කාලවලදී.
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2023 වර්ෂය සඳහා මෙම සභාවට පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීම පිණිස ලියාපදිංචි ආයතන වලින් පුද්ගලයිනගෙන් හා නිෂ්පාදකයින්ගෙන් ඉල්ලුම් පත් කැඳවනු ලැබේ.
පහත සඳහන් එක් එක් සැපයුම් හා සේවාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ලියාපදිංචි වීමට එක් අයිතමයක් වෙනුවෙන් ආපසු ගෙවනු නොලබන රු. 1,000.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
තමන් විසින් A4 ප්‍රමාණයට සකස් කර ගන්නා ලද තමන්ගේ නම, ව්‍යාපාරයේ සියළුම ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රයක් මගින් අයදුම් කළ හැකි වන අතර , අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022.11.30 දින වේ. නිෂ්පාදකයින් හා ව්‍යාපාර ආයතන මඟින් ඉල්ලුම්කරන අවස්ථාවන්හි දී ව්‍යාපාර නම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත අමුණා තිබීම අනිවාර්ය වේ.
චෙක්පත් මඟින්ලියාපදිංචි ගාස්තු ගෙවන්නේ නම් “සභාපති , තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව” නමට ලියා ඉදිරිපත් කළ යුතු අතර, අයදුම්පත් 2022.11.30 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය හැකිය. සියළුම අයදුම්පත් ‘‘සභාපති, ප්‍රාදේශීය සභාව, තිස්සමහාරාම” නමට තැපැල් මඟින් යොමු කල යුතු අතර, මුදල් ඇණවුම් භාර නොගනී.
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පහත කොන්දේසි අදාළ වේ.
- ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව අවශ්‍ය වන අවස්ථාවන්හි දී වෙනත් අයගෙන් මිළ ගණන් කැඳවා භාණ්ඩ මිලදී ගැනීමේ බලය මෙම සභාවේ සභාපති/ලේකම් සතුය.
- අවශ්‍ය අවස්ථාවන්හි දී සාම්පල් හා ආකෘති ඉදිරිපත් නොකරන හා ඇණවුම් පරිදි නියමිත ප්‍රමිතියට හා නියමිත කාල සීමාවන්හි දී භාණ්ඩ සැපයීම සිදු නොකරන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබිය හැකිය.
- භාණ්ඩ සැපයූ දින සිට අවම වශයෙන් දින 45 ක් දක්වා ණය පහසුකම් සැපයුම්කරුවන් විසින් ලබා දිය යුතුය.
- සැපයුම්කරුවන් සඳහා අත්තිකාරම් මුදල් ගෙවනු නොලැබේ.
- ඉල්ලුම්පත් බහා එවන කවරයේ වම්පස උඩ කෙළවර “2023 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කර එවිය යුතුය.
- ඇණවුම් පරිදි අදාළ භාණ්ඩ අණවුමේ දින සිට දින 10 ක් ඇතුළත සභාවට ප්‍රවාහනය කර දිය යුතුය. එලෙස නියමිත කාල සීමාව තුළ භාණ්ඩ හා ද්‍රව්‍ය ප්‍රවාහනය කර දීමට අපොහොසත් වන විටදී, එකී ඇණවුම අවලංගු කර වෙනත් ස්ථානයකින් ද්‍රව්‍ය ලබා ගැනීමේ අයිතිය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සතුය.
අනු අංකය | සැපයුම් | ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු (රු) |
01 | කාර්යාලීය ලිපි ද්‍රව්‍ය ( සියළුම ලිපි ලේඛන ද්‍රව්‍ය ) | 1,000.00 |
02 | කාර්යාලීය උපකරණ ලී බඩු, වානේ , ගෘහ භාණ්ඩ (අල්මාරි, මේස, පුටු, ලිපි ගොණු කැබිනට් හා පොත් රාක්ක, ප්ලාස්ටික් පුටු ) | 1,000.00 |
03 | සෞඛ්‍ය උපකරණ ( ඉදල්, කොසු, සබන් වර්ග, ටයිල් ක්ලීනර්, හාෆික් , ෆීනෝල්, ලයිසෝල්, අත්වැසුම්, මුඛ ආවරණ, විෂබීජ නාශක වර්ග) | 1,000.00 |
04 | ටයර් හා ටියුබ්, බැටරි, රිම්ටේප් (වාහන සඳහා) | 1,000.00 |
05 | රථ වාහන සඳහා අමතර කොටස් (අත් ට්‍රැක්ටර්, මහ ට්‍රැක්ටර්, ජල බවුසර්, ටිපර්, බැකෝ යන්ත්‍ර , මෝටර් ග්‍රේඩර්, කැබ් රථ ඇතුළු සියළු වාහන සඳහා) | 1,000.00 |
06 | කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ( යකඩ, ජී.අයි. පයිප්ප සහ අමතර කොටස් ජල නල උපාංග, සිමෙන්ති, ප්ලාස්ටික්, ජල ටැංකි ඇතුළු ද්‍රව්‍ය) | 1,000.00 |
07 | තීන්ත වර්ග හා ඒ ආශ්රිත උපකරණ | 1,000.00 |
08 | නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වර්ග, වැහි කබා, ආරක්ෂිත පාවහන් | 1,000.00 |
09 | පරිගණක යන්ත්‍ර හා ඒ ආශ්රිත උපාංග (මොනිටර් වර්ග, වෛරස් මෘදුකාංග , කී බෝඩ්, යුපීස්, මවුස්) | 1,000.00 |
10 | පරිගණක පිටපත් යන්ත්‍ර හා මුද්‍රණ යන්ත්‍ර සඳහා අවශ්‍ය තීන්ත හා ටෝනර් කාර්රේජ්, රිබන් සැපයීම. | 1,000.00 |
11 | ජායා පිටපත්, ෆැක්ස් / ඩුප්ලෝ / මල්ටි මීඩියා/පොජෙක්ටර් යන්ත්‍ර, මුදල් ගණින යන්ත්‍ර , මුද්‍රණ යන්ත්‍ර | 1,000.00 |
12 | වීථ පහන් හා විදුලි උපකරණ (වයර්, ස්විච්, බල්බ්,ප්ලග් ආදී ද්‍රව්‍ය) | 1,000.00 |
13 | ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය (වැලි, ගල්, ඉන්ටර්ලොක් ගල්,පස්, බොරළු, තාර, ගඩොල්) | 1,000.00 |
14 | කොන්ක්‍රිට් නිෂ්පාදනය (හියුම් පයිප්ප, කම්බි කණු, ළිං වළළු, සිමෙන්ති බ්ලොක් ගල් , මල් පෝච්චි ආදී) | 1,000.00 |
15 | ලිහිසි තෙල් වර්ග | 1,000.00 |
16 | පුස්තකාල පොත් හා ප්‍රකාශන | 1,000.00 |
17 | දැව, ලෑලි, පරාල, රීප්ප | 1,000.00 |
18 | මුද්‍රිත ලිපි ලේඛන, රබර් සීල් වර්ග , නාම පුවරු හා දැන්වීම් පුවරු සැපයීම | 1,000.00 |
19 | ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ (සංගීත භාණ්ඩ , ශබ්ද විකාශණ යන්ත්‍ර සැපයීම) | 1,000.00 |
20 | ගිනි නිවන උපකරණ සැපයීම | 1,000.00 |
21 | පානීය ජලය හා ජල සැපයුම (ජල පෙරන හා පානීය ජල බෝතල් සැපයීම) | 1,000.00 |
22 | මාර්ග නඩත්තු උපකරණ (තාච්චි, රේක්න, උදළු, විල් බැරෝ , අලවංගු, තණකොළ කපන යන්ත්‍ර සදහා අවශ්‍ය නඩත්තු උපකරණ) | 1,000.00 |
- සේවාවන්
අනු අංකය | සේවාවන් | ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු (රු) |
1 | වායු සමීකරණ යන්ත්‍ර / ෆැක්ස් යන්ත්‍ර / ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියා කිරීම. | 1,000.00 |
2 | පරිගණක යන්ත්‍ර / මුද්‍රණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීම / පරිගණක ජාල ගත කිරීම. | 1,000.00 |
3 | වාහන කුලියට සැපයීම (එක්ස්කැවේටර් , ඩෝසර් , මගී ප්‍රවාහන වෑන් රථ හා බස් රථ , ට්‍රේලර් සහිත ට්‍රැක්ටර් , ටිපර් ) | 1,000.00 |
4 | ටයර් නැවත පිරවීම , ඩැග් කිරීම හා පැරණි ටයර් මිලට ගැනීම / වාහන කුෂන් කිරීම. | 1,000.00 |
5 | වීදුරු , ප්ලාස්ටික් , කාඩ්බෝඩ් , පත්තර ( පැරණි) මිලදී ගැනීම. | 1,000.00 |
6 | වාහනවල විදුලි පරිපථ හා මෝටර් අළුත්වැඩියා කිරීම | 1,000.00 |
7 | සියලු වාහන අළුත්වැඩියා කිරීම් හා සේවා කිරීම් ( ගරාජ් සේවාවන් ප්‍රදේශය තුළ) | 1,000.00 |
8 |
|
1,000.00 |
9 |
|
1,000.00 |
10 | උද්‍යාන , වට රවුම් , මාර්ග දෙපස අලංකරණ සේවාවන්. | 1,000.00 |
11 | මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා කුලියට ගැනීම. | 1,000.00 |
- ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පහත පරිදි වේ.
අනු අංකය | ගැණුම්කරුවන් | ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තු (රු) |
1 | අපහරණය කරන ලද කාඩ්බෝඩ් | 1,000.00 |
2 | අපහරණය කරන ලද ප්ලාස්ටික් වතුර බෝතල් | 1,000.00 |
3 | අපහරණය කරන ලද බෝතල් කටු | 1,000.00 |
4 | අපහරණය කරන ලද ඝන ප්ලාස්ටික් | 1,000.00 |
5 | අපහරණය කරන ලද ටින් | 1,000.00 |
6 | අපහරණය කරන ලද E Vaste | 1,000.00 |
7 | අපහරණය කරන ලද පොලිතීන් | 1,000.00 |
8 | අපහරණය කරන ලද 100 g අඩු පොලිතීන් , ලන්ච්ෂීට් , ෂොපින් බෑග් | 1,000.00 |
9 | අපහරණය කරන ලද සෘජුෆෝම් (Regeform) | 1,000.00 |
- ඉහත ගාස්තු සඳහා VAT බදු අය නොවනු ඇත.
මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 047-2237275 මඟින් විමසිය හැක.
ඩබ්ලිව්.ජී. උපුල්,
සභාපති,
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි.
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
දේපළ බදු දීම – 2023 වර්ෂය(දෙවනවර)
- තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ.
- ටෙන්ඩර්පත් නිකුත් කිරීම :-2022.10.26 දින සිට 2022.11.09 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.
- ටෙන්ඩර්පත් භාර ගැනීම :- 2022.11.10 දින පෙ.ව. 10.00 දක්වා
- ටෙන්ඩර්පත් විවෘත කිරීම :- 2022.11.10 දින පෙ.ව. 10.30 ට
- ටෙන්ඩර්පත් ලි.ප.තැ මගින් එවීම හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම නියමිත දිනට හෝ
ඊට පෙර සිදු කළ හැකිය.
- ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් පෝරමයෙහි ඇතුළත් කර ඇත.
- වැඩි විස්තර දුරකතන අංක 047-2237275 මගින් ලබා ගත හැකිය.
අනු අංකය | බදු විෂයය | අවම ලන්සුව (රු) | ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප මුදල (රු) | පෝරම් ගාස්තුව (රු) |
1 | දෙබරවැව පොදු වෙළඳ පොළ සහ වැසිකිළිය | 2,078,181.81 | 50,000.00 | 5,000.00 |
2 | කිරින්ද පුජා නගර රථවාහන නැවතුම්පොළ | 1,207,710.00 | 10,000.00 | 500.00 |
3 | දෙබරවැව ධීවර වෙළඳසැල | 120,000.00 | 1,000.00 | 500.00 |
4 | දෙබරවැව පොදු වෙළදපොළ ධීවර ගොඩනැගිල්ල | 162,000.00 | 1,000.00 | 500.00 |
5 | අකුරුගොඩ හන්දියේ වැසිකිළිය | 3,168.00 | 1,000.00 | 500.00 |
6 | තිස්සමහාරාම මාගම අක්කර 18 පොල් ඵලදාව (පොල් ගස් 07) | 2,250.00 | 1,000.00 | 500.00 |
සභාපති,
ඩබ්ලිව්.ජී. උපුල්,
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දේපළ බදු දීම – 2023 වර් ෂය
ප්‍රසම්පාදන (ටෙන්ඩර්) දැන්වීමයි.
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
දේපළ බදු දීම – 2023 වර් ෂය
- තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් පහත උප ලේඛනයෙහි දැක්වෙන දේපළ 2023 වර්ෂයට බදු දිම සඳහා මා විසින් ලංසු කැඳවනු ලැබේ.
- ටෙන්ඩර්පත් නිකුත් කිරීම :- 2022.09.26 දින සිට 2022.10.13 දින ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත/ රියදුරු බලපත්‍රය/ වලංගු විදේශ ගමන් බලපත්‍රය හා ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.
- ටෙන්ඩර්පත් භාර ගැනීම :- 2022.10.14 දින පෙ.ව. 10.00 දක්වා
- ටෙන්ඩර්පත් විවෘත කිරීම :- 2022.10.14 දින පෙ.ව. 10.30 ට
- ටෙන්ඩර්පත් ලි.ප.තැ මගින් එවීම හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම නියමිත දිනට හෝ ඊට පෙර සිදු කළ හැකිය.
- ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් පෝරමයෙහි ඇතුළත් කර ඇත.
- වැඩි විස්තර දුරකතන අංක 047-2237275 මගින් ලබා ගත හැකිය.
අනු අංකය | බදු විෂයය | අවම ලන්සුව (රු) | ආපසු ගෙවනු ලබන ටෙන්ඩර් ඇප මුදල (රු) | පෝරම් ගාස්තුව (රු) |
01 | පන්නෙගමුව පොදු වෙළදපොළ සහ වැසිකිළිය | 1,644,000.00 | 50,000.00 | 5,000.00 |
02 | දෙබරවැව පොදු වෙළඳ පොළ සහ වැසිකිළිය | 2,078,181.81 | 50,000.00 | 5,000.00 |
03 | කිරින්ද පුජා නගර රථවාහන නැවතුම්පොළ | 1,207,710.00 | 10,000.00 | 500.00 |
04 | තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ | 495,882.00 | 5,000.00 | 500.00 |
05 | කිරින්ද පුජා නගර පැරණි සහ නව වැසිකිළිය | 108,000.00 | 3,000.00 | 500.00 |
06 | කිරින්ද වෙරළ වැසිකිළිය හා නාන ස්ථානය | 165,700.00 | 2,000.00 | 500.00 |
07 | තිස්සමහාරාම පුජා නගර වැසිකිළිය | 137,910.00 | 3,000.00 | 500.00 |
08 | තිස්සමහාරාම බස්නැවතුම්පොළ නව වැසිකිළිය | 15,250.00 | 1,000.00 | 500.00 |
09 | තිස්සමහාරාම පුජා නගර රථවාහන නැවතුම්පොළ පොල් ඵලදාව (පොල් ගස් 08) | 8,040.00 | 1,000.00 | 500.00 |
10 | දෙබරවැව ධීවර වෙළඳසැල | 120,000.00 | 1,000.00 | 500.00 |
11 | දෙබරවැව පොදු වෙළදපොළ ධීවර ගොඩනැගිල්ල | 162,000.00 | 1,000.00 | 500.00 |
12 | අකුරුගොඩ හන්දියේ වැසිකිළිය | 3,168.00 | 1,000.00 | 500.00 |
13 | තිස්සමහාරාම මාගම අක්කර 18 පොල් ඵලදාව (පොල් ගස් 07) | 2,250.00 | 1,000.00 | 500.00 |
14 | අකුරුගොඩ හන්දිය කඩ කාමර අසල නව වැසිකිළිය | 3,900.00 | 1,000.00 | 500.00 |
15 | තිස්සමහාරාම පැරණි බස්නැවතුම්පොළ පොල් ඵලදාව (පොල් ගස් 04) | 3,690.00 | 1,000.00 | 500.00 |
සභාපති,
ඩබ්ලිව්.ජී. උපුල්,
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව.
ජනතාවට මහඟු සේවයක්.
2021.12.01 දින පැවති විශේෂ වැඩසටහන
2021 .12 .01 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම යටතේ “කෘෂි අපනයන ගම්මාන “බිහි කිරීමේ අරමුණින් තිස්සමහාරාම ප්‍රදේශිය සභාවේ ගරු සභාපතිතුමන්ගේ හා ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධික්ෂණය යටතේ තිස්සමහාරාම ප්‍රදේශිය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි ” TOM EJC “අඹ පැළ ලබා දීම සිදු විය
තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම
තිස්සමහාරාම බල ප්‍රදේශයේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද විශේෂ කමිටු රැස්වීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුම්ය, තිස්සමහාරාම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තුමා, තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, තිස්සමහාරාම ප්‍රධාන මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වීරවිල කිරින්ද පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිතුමන්ලා, තිස්සමහාරාම නගර බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා, තිස්සමහාරාම වෙළෙඳ සංගම්ගමය සමගින් සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රදේශයේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් ගන්නා ලද තීන්දු තීරණ ගනු ලැබීය.
තිස්සමහාරාම නගරය සහ අවට
තිස්සමහාරාම නගරය සහ අවට පිරිසිදු කිරිම/නඩත්තු කටයුතු අඛන්ඩව සිදුවේ.
covid එන්නත්කරන වැඩසටහන
අද දින තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්‍රාව ලබා දී ප්‍රදේශයේ සිටින සියලූම දෙනාට එන්නත්කරනයේ පලමු මාත්‍රාව අවසන් කිරීම ගරු සභාපතිතුමාගේ උත්සාහය වේ
covid එන්නත්කරන වැඩසටහන
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් හට එන්නත්කරනයේ පලමු මාත්‍රාව ලබාදීමේදී පැමිනිමට නොහැකි අබාධිත අයගේ නිවසටම ගොස් එන්නත්කරනය සිදු කරන ලදි.
මෙම වැඩසටහන මෙහෙය වු අරක්ෂක අංශයට හා ගරු සභාපතිතුමා හට ජනතාවගේ ස්තූතිය හිමි විය