දැක්ම
ජන ජීවිතය සාමුහිකව ශක්තිමත් කරන වංචාව දුෂණය පිටුදකින ආදර්ශමත් ප්‍රාදේශීය පාලනයක් රටට හදුන්වා දීම හා ශ්‍රී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ප්‍රාදේශීය සභාව බවට පත් කිරීම
මෙහෙවර
දියුණු සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ඉපැරණි මාගම්පුර රාජධානියේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ඒහි ජීවත්වන ජනතාව පිටතින් ඇදී ඒන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුඛ විහරණය හා සුව පහසුව සැලසීම සඳහා සභාව සතු සියළු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි යොදා ගනිමින් පුළුල් මහජන සහභාගීත්ව ප්‍රවේශයක් තුළ ජනතාවට සේවා සැපයීමෙන් ආකර්ශනීය පුරවරයක් ලෙස පවත්වාගෙන යාමට කැප වීම අපගේ මෙහෙවරයි.
සංඛ්‍යා ලේඛන තොරතුරු
| පළාත | දකුණු පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | තිස්සමහාරාම |
| ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය | ව.කි.මී. 842 |
| ග්‍රාම නිලධාරී වසම් ගණන | 44 |
| ජන්ද කොට්ධාශ සංඛ්‍යාව | 13 |
| ජනගහනය | 87417 |
| නිවාස ඒකක සංඛ්‍යාව | 23290 |
| මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ | 07 |
| බල ප්‍රදේශයේ පාසල් සංඛ්‍යාව | 27 |
| විදුලිය සහිත නිවාස ගණන | 22652 |
| විදුලිය නොමැති නිවාස | 638 |
| ගොවිජන සේවා මධ්‍යස්ථාන ගණන | 03 |
| ආයුර්වේද බෙහෙත් ශාලා | 05 |
| තැපැල් කාර්යාල | 11 |
| ආගමික ස්ථාන (පන්සල්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්.දේවස්ථාන) | 61 |
(සම්පත් පැතිකඩ 2024 මගිනි)
