හැඳින්වීම

දැක්ම

ජන ජීවිතය සාමුහිකව ශක්තිමත් කරන වංචාව දුෂණය පිටුදකින ආදර්ශමත් ප්‍රාදේශීය පාලනයක් රටට හදුන්වා දීම හා ශ්‍රී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ප්‍රාදේශීය සභාව බවට පත් කිරීම

මෙහෙවර

දියුණු සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ඉපැරණි මාගම්පුර රාජධානියේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ඒහි ජීවත්වන ජනතාව පිටතින් ඇදී ඒන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුඛ විහරණය හා සුව පහසුව සැලසීම සඳහා සභාව සතු සියළු සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි යොදා ගනිමින් පුළුල් මහජන සහභාගීත්ව ප්‍රවේශයක් තුළ ජනතාවට සේවා සැපයීමෙන් ආකර්ශනීය පුරවරයක් ලෙස පවත්වාගෙන යාමට කැප වීම අපගේ මෙහෙවරයි.

සංඛ්‍යා ලේඛන තොරතුරු

පළාත දකුණු පළාත
පරිපාලන දිස්ත්‍රික්කය හම්බන්තොට
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිස්සමහාරාම
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි.මී. 842
ග්‍රාම නිලධාරී වසම් ගණන 44
ජන්ද කොට්ධාශ සංඛ්‍යාව 13
ජනගහනය 87417
නිවාස ඒකක සංඛ්‍යාව 23290
මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ 07
බල ප්‍රදේශයේ පාසල් සංඛ්‍යාව 27
විදුලිය සහිත නිවාස ගණන 22652
විදුලිය නොමැති නිවාස 638
ගොවිජන සේවා මධ්‍යස්ථාන ගණන 03
ආයුර්වේද බෙහෙත් ශාලා 05
තැපැල් කාර්යාල 11
ආගමික ස්ථාන (පන්සල්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්.දේවස්ථාන) 61

(සම්පත් පැතිකඩ 2024 මගිනි)